චීනයේ කාර්යක්ෂමතාවයට ඉන්දියාව මුහුණ දෙන හැටි

118

චීන කාර්යක්ෂමතාවයට අනුව ඉන්දියානු නිෂ්පාදන වල වර්ධනයක් ඇති කළ හැක්කේ දේශීය නිෂ්පාදන සඳහා ශක්තිමත් ව්‍යපාරික දාමයක් ගොඩනැගීමෙන් බව ඉන්දීය විදේශ ඇමති එස් ජයශංකර් මහතා පවසයි. එබැවින් අප චීනය නිවැරදි කිරීම සඳහා විසඳුම් සොයනු වෙනුවට අපගේ දේශීය නිෂ්පාදන ශක්තිමත් කළ යුතු යැයි බව විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සඳහා විවිධ මට්ටමේ දේශීය ව්‍යාපාර ජාලයක් ඇති කළ යුතු බව ද සඳහන් කරයි .පසුගිය covid සමයේ පැවැති ගෝලීය වසංගතයෙන් පසු අප දේශීය ව්‍යාපාර ඉදිරියට රැගෙන යාම සඳහා අවධානය යොමු කළ යුතු බව ද විදේශ මාත්‍යවරයා පැහැදිලි කරයි. ගෝලීය අභියෝග වල පසුබිම සහ ගෝලීය වසංගතය හමුවේ රට ගැන සිතා දේශීය නිෂ්පාදන ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment