චීනෙට රිලවු දෙන හැටි

488

චීනයට ශ්‍රී ලංකාවෙන් රිළවුන් ලබාදිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.අමාත්‍යවරයා පැවසුවේ චීනයේ පුද්ගලික සත්ත්වෝද්‍යාන 1,000ක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්ත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවය.”එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් වගාවන්ට සිදුවන සත්ත්ව හානි සම්බන්ධව ඉදිරිපත් වන කාරණා ගැන නියම තොරතුරු අපි දන්නවා. බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරනවා . ඒ වගේම තවත් සමහරු වල්ගේ පාගා ගෙන කතා කරන බවකුත් පෙනෙනවා. අපේ රටේ රිළවු ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලීම ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූලභාවය ගැනත් අපි සලකාබැලිය යුතුයැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment