ජනපතිගෙන් ආරාධනයක්

314


සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට
සියලුබේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු
බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිතිවරවයා මේ බව සඳහන් කළේ ඊයේ.පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටල්
පරිශ්‍රයේ දී නීති වෘත්තිකයින් විසින් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක්
සපිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන්
කළේ ඒකීය සහ එක්සත් භාවය බිඳ දමන ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික
ගැටළුවලට එක්සත්ව විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙළක ඇරඹුම 75 වෙනි නිදහස්
සැමරුමේදී සනිටුහන් කළ යුතු බවය.

පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළ පරිදි සියලුදෙනාගේ සහාය ඊට හිමිවුවහොත් එය
අසීරු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලඥයින්ට පමණක් එය
තනිව ඉටුකළ නොහැකි බවත්ල නීතිඥයින් ඇතුළු වෘත්තිකයින්ගේ සහාය ඊට හිමිවිය
යුතු බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment