ජනපති තවත් නිහඩනම් සංඝ සම්මුතියක් පනවනවා – ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් නිවේදනයක්

667

රට තුළ පවත්නා වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා මහජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළද ඒ පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකර ජනතා ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන, අමරපුර මහා නිකායේ මහානායක දොඩම්පහළ චන්ද්‍රසිරි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල යන මහ නාහිමිවරු විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

පීඩාවට පත්ව සිටින සමස්ත ජනතාව දෙස සංවේදීව බලා රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවරයකට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුම සිය පූර්ණ දායකත්වය ලබාදිය යුතු බවද ඉතා නුදුරේදීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ නායකයන් කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේලා සිය නිවේදනයෙහි සඳහන් කර සිටිති.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment