ජනපති සටනට මාත් එනවා – පාඨලී චම්පික රණවක

149

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම පක්ෂයෙන් හෝමාගම, පනාගොඩ කෙරේමුල්ලේ 27 දා සංවිධානය කර තිබූ ජන හමුවකදී හෙතෙම මේ බව කීවේය.

රණවක මහතා එහිදී මෙසේද කීවේය.

එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හා දේශපාලන කණ්ඩායම් සමග අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අපි ඉදිරියේදී දේශපාලන සන්ධානයක් හදනවා. ඒක දේශපාලන සන්ධානයක් පමණක් නොවේ රට ගොඩනැඟීමේ සන්ධානයක්. ඒ සන්ධානයේ අපේක්ෂකයා හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න කියා මගෙන් ඉල්ලීමක් කළොත් මම ඒ අභියෝගය භාරගන්නවා. මට කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම මට විශ්වාසයි මේ රට ගොඩනගන්න මට පුළුවන් කියලා යැයි ද හෙතෙම පැවසීය.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තරිඳු දිලිප ගමගේ මහතා ද මෙහිදී කතා කළේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment