ජම්මු සහ කාෂ්මීරයට ආයෝජන ව්‍යාපෘති රැසක්

343

ජම්මු සහ කාශ්මීරයට පසුගිය සති දෙක තුළ ඉන්දීය රුපියල් කෝටි 70,000 ආයෝජන ව්‍යාපෘති 5,372ක් ලැබී ඇත.ඉන් ඉන්දීය රුපියල් කෝටි 24,000 ව්‍යාපෘති සදහා ආයතන 1,800ක් අනුමැතිය ලබා දී තිබේ 2021 වසරේ දී ජම්මු කාශ්මීර් හි නව ආයෝජන සදහා ප්‍රතිපත්ති හදුන්වා දෙන ලදි. ඒ අනුව 2021/22 සදහා ඉන්දීය රුපියල් කෝටි 376.76 ක ආයෝජන ලැබී ඇත.එය 2022/23 වසර සඳහා ඉන්දීය රුපියල් කෝටි 1547දක්වා වර්ධනය වී තිබේ.අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ රැකියා අවස්ථා වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙම සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වී තිබේ.ඉදිරි වසර කිහිපය සදහා ශුද්‍ර සහ මධ්‍යම ව්‍යාපාර කලාප 34ක් හදුන්වා දී ඇත.මෙය අපනයන ව්‍යාපාර සියයට 54ක වර්ධනයක් බව සදහන්වේ. ජම්මු සහ කාශ්මීරයේ බැංකු පද්ධතිය මගින් ආයෝජකයින් සඳහා ඉන්දීය රුපියල් කෝටි 3,579 ක් ණය පසු ගිය වසරේ දී ලබාදී ඇත. මෙහි පළමු විදේශ ආයෝජනය ලෙස ඩුබායි හි ඕමාර් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක සාප්පු සංකීර්ණයක් ඉදිකිරිම සඳහා එක්ව සිටී.එය 2026 වසරේ දී නිම කිරීමට සැළසුම් කර ඇත.ඉන් රැකියා අවස්ථා 13,500ක් අපේක්ෂා කරයි

advertistmentadvertistment
advertistmentadvertistment