ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගේ දෙබිඩි රංගනය

242

48 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව  පසුගිය 13 දා ආරම්භ විය. මෙදින සවස මානව හිමිකම් කොමසාරිස්වරිය ශී‍්‍ර ලංකාවට එරෙහිව කළ ප‍්‍රකාශයේ කරුණු මෙරට ඇතැම් පාර්ශ්ව වලට පැය 48 කට පෙර වාර්තා වී තිබිණි. එසේම ඇය ප‍්‍රකාශයට පත් කළ කරුණු මෙරට රාජ්‍ය නොවන සංවිධාන විසින් සැපයූ තොරතුරුය. මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප‍්‍රකාශයෙන් ඇය මෙරට අධිකරණය, ආරක්ෂාව, දේශපාලනය යන අංශවලට මුළුමනින්ම මැදිහත් වී තිබේ. එය සනාථ වන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ සිද්ධියයි. හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපති ඉඩ නොදීම ගැන ද ඇය විවේචනයට ලක් කර ඇත. එසේම හිටපු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ජනපති සමාව දීම ගැන ද ඇය උදහසට පත් වී තිබේ.

මේ හැර රට මිලිටරිකරණයට ලක්වී ඇති බවට ද ඇය චෝදනා කරයි. ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්ත පනත ද මිෂෙල් බැෂලේගේ විවේචනයට ලක් විය. එහෙත් ස්විස්ටර්ලන්තයේ බරපතළ ත‍්‍රස්ත මර්දන පනත ඇය විවේචනයට ලක් කළේ නැත.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ අලූත්ම කරුණු සඳහන් වී නැත. සියලූ අමුද්‍රව්‍ය මෙරටින් යවනු ලැබූ තොරතුරු විය.

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යුද අපරාධ සිදු කළ හමුදා නිලධාරියකු වූ ගැලනර්ට ජනපති සමාව දුන්නේය. එහෙත් එය වැරැද්දක් බව මානව හිමිකම් කොමසාරිස්වරිය පැවසුවේ නැත. ඇඩෙලා බාලසිංහම් යුද අපරාධකාරියකි. එහෙත් ඇයට එරෙහිව කිසිදු පරීක්ෂණයක් ආරම්භ වී නැත. මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ මෙලෙස දක්වා තිබේ.

ශී‍්‍ර ලංකාව පිළිබඳ සිය අවසාන වාර්තාවේ හඳුනාගත් ප‍්‍රවණතාවන් සහ ගැටලූ පිළිබඳ මානව හිමිකම් කවුන්සිලය යාවත්කාලීන කිරීමට ලැබීම ගැන තමා සතුටු වන බවත් පැවසූ මිෂෙල් බැෂලේ මෙම යාවත්කාලීන කිරීම සඳහා සූදානම් වීම පිණිස රජය විසින් එවන ලද යෙදවුම් ලැබුණු බව ද පැවසුවාය.

ජුනි මාසයේදී ජනාධිපති රාජපක්ෂ විසින් ‘‘ජගත් සංවිධානය සමග වගවීම සහතික කිරීම සඳහා කැපවී’’ කටයුතු කරන බවටත් ‘‘අවශ්‍ය ආයතනික ප‍්‍රතිසංස්කරණ’’ කි‍්‍රයාත්මක කරන බවටත් කරන ලද ප‍්‍රකාශය ද තමා සැලකිල්ලට ගන්නා බව ද ඇය කීවාය.

එසේම ඇය කියා සිටියේ එකී කැපවීම සහ ආයතනික ප‍්‍රතිසංස්කරණ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තා සහ විවිධ මානව හිමිකම් යාන්ත‍්‍රණයන් විසින් කර ඇති නිර්දේශයන්ට අනුකූලව සිදුවිය යුතු බවත් එහිලා සහාය වීමට සිය කාර්යාලය සූදානම්ව සිටින බවත්ය.

ඇගේ වාර්තාවේ ඇතුළත් වන කරුණු මෙසේය:

මෙම වසර අවසානය වනවිට එහි බලාධිකාරය අවසන් වන 2021 ජනවාරි මාසයේදී පත් කරන ලද ජාතික පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව කඩිනමින් ප‍්‍රසිද්ධ කරන්න. එවිට වැඩ කටයුතු- සහ නිර්දේශ තක්සේරු කළ හැකි වනු ඇත.

මෑතදී, ගැඹුරු වන ආර්ථික අවපාතයක් තුළ ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කරනු පිණිස ප‍්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය ඉතා පුළුල්ය. එමගින් සිවිල් කටයුතු තුළ මිලිටරි භූමිකාව ඉහළ යා හැකිය. හදිසි නීතිය කි‍්‍රයාත්මක වන අන්දම ගැන මහකොමසාරිස්වරියගේ කාර්යාලය විමසිල්ලෙන් සිටිනු ඇත.

ජනාධිපතිවරයා මෑතකදී සමහර සිවිල් සමාජ නායකයන් හමුවීම වැදගත් කරුණක් වේ. එම සංවාදය පුළුල් කරන ලෙසත් සිවිල් අවකාශය විවෘත කිරීමට පියවර ගැනීම අවශ්‍ය බවත් ප‍්‍රකාශයේ සඳහන් වේ.

මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන්වූවන්ගේ පවුල් නිරීක්ෂණය සහ සෝදිසි කිරීම, බියගැන්වීම සහ අධිකරණ හිරිහැර කිරීම අඛණ්ඩව සිදු වනවා පමණක් නොව, රජයේ ප‍්‍රතිපත්ති විවේචනයට ලක් කරන පුළුල් පරාසයක පිරිස් එනම්, සිසුන්, ශාස්ත‍්‍රාලිකයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආගමික නායකයන් දක්වා පුළුල් වී තිබීම කනගාටුවට කරුණක් බව ද ඒ සමගම ඇගේ ප‍්‍රකාශයේ දැක්වේ.

සාමකාමී විරෝධතා හා සැමරුම් කිහිපයකට අධික ලෙස බලය යෙදවීමත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ විරෝධතාකරුවන් සිවිල් සමාජ කණ්ඩායම් නියාමනය පිළිබඳ නව රෙගුලාසි සම්පාදනය කෙරෙමින් පවතින අතර එමගින් ඔවුන් මූලික නිදහස සඳහා ඇති තහංචි තවදුරටත් දැඩි කරනු ඇතැයි යන බිය පහල වී තිබෙන බව දක්වන ඇය එකී කෙටුම්පත වඩාත් පුළුල් ලෙස සාකච්ඡුාවට භාජනය කරන ලෙසත් ප‍්‍රසිද්ධ කරන ලෙසත් ඉල්ලා තිබේ.

සංකේතාත්මක හෝ ලාංඡුනික මානව හිමිකම් නඩු ගණනාවක අධිකරණ කි‍්‍රයාවලීන් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන වර්ධනයන් ගැන සැලකිලිමත් වන බව ප‍්‍රකාශ කරන ප‍්‍රකාශය 2008 සහ 2009 වසරයන්හිදී 11 දෙනකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ නඩු විභාගයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව තිබූ චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා කි‍්‍රයා කිරීම පිළිබඳව කනස්සල්ල පළකර ඇත.

විවිධ පරීක්ෂණ නොතකා, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත්වූවෝ සහ ආගමික නායකයෝ දිගින් දිගටම සත්‍යය සහ යුක්තිය ද එම ප‍්‍රහාරයන්ට අවස්ථාව සැලසූ තත්ත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ද දිගටම ඉල්ලා සිටින බව එහි දැක්වේ.

2011 දී දේශපාලනඥයකු ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා මෑතකදී සමාව දීම නීතිය හා නීතිය පිළිබඳ විශ්වාසය බිඳවැටීමේ අවදානම ද ඇති කරයි.

පොලිස් අත්අඩංගුවේ සහ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි සමඟ සිදු වූ පොලිස් ගැටුම් මැද දිගටම සිදු වන මරණයන් ද නීතිය කි‍්‍රයාත්මක කරන නිලධාරීන් විසින් වධ හිංසා පැමිණවීම සහ නපුරු ලෙස සැලකීම පිළිබඳ ලැබෙන අඛණ්ඩ වාර්තා කනස්සල්ලට හේතුවකි.

මාර්තු මාසයේදී, නව ‘‘රැුඩිකලීකරණය’’ රෙගුලාසි නිකුත් කරන ලද අතර, නඩු විභාගයකින් තොරව අවුරුදු දෙකක් දක්වා අත්තනෝමතික ලෙස පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමට එමගින් අවසර ලැබේ. මෙම නියෝගය අභියෝගයට ලක් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා කි‍්‍රයාත්මක කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව ප‍්‍රකාශයේ සටහන් කරයි. ත‍්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කෙරෙන දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයන් 300 කට වැඩි සංඛ්‍යාවක් රජය විසින් තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

ජුනි මාසයේදී විවාදයට තුඩු දී ඇති ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කරන ලද සහ කාලය අවසන් වීමට ආසන්නව සිටි සිරකරුවන් 16 දෙනකුට සමාව දෙන ලදී. මෙම පනත යටතේ සිටින රැුඳවියන්ට ඔවුන්ගේ නඩු නැවත සලකා බැලීම සඳහා ඉල්ලූම් කළ හැකි උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර මෙම දීර්ඝ කාලීන නඩු සඳහා ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීමේ සිය අභිප‍්‍රාය රජය විසින් තහවුරු කර ඒ සඳහා කැබිනට් අනු කමිටුවක් ද ස්ථාපිත කර ඇත.

කෙසේ වෙතත්, ජනයා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා මෙම පනත අඛණ්ඩව භාවිතා කිරීම ගැන දැඩි කනස්සල්ලට හේතුවක් වේ.

නීතිඥ හෙයිජාස් හිස්බුල්ලා පිළිගත හැකි සාක්ෂි නොමැතිව එම පනත යටතේ මාස 16 ක් රඳවාගෙන සිටින බවත් එසේම, 2020 මැයි සිට ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් කිසිදු චෝදනාවක් නොමැතිව රඳවා තබාගෙන සටින බවත් ඇය කියයි. මෙම පනත භාවිතා කිරීම වහාම අත්හිටුවන ලෙසත්, එය සමාලෝචනය කිරීම හෝ අවලංගු කිරීම සඳහා පැහැදිලි කාල රාමුවක් සකස් කරන ලෙසත් ඇය කියා සිටී.

හානිපූරණය සඳහා වූ ජාතික ප‍්‍රතිපත්තියක්  අගෝස්තු මාසයේදී අනුමත කරන ලද අතර, වන්දි ගෙවීම් සහ සංහිඳියා වැඩසටහන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කර ඇත. කිලිනොච්චියේදී හයවන ප‍්‍රාදේශීය කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ අතුරුදන්වූවන්ගේ කාර්යාලය ද අඛණ්ඩව කි‍්‍රයාත්මක වී ඇතත් එය වින්දිතයන් අතර විශ්වාසයක් ඇති කළ යුතුය.

විනිවිද පෙනෙන, වින්දිතයන් කේන්ද්‍ර කරගත් සහ ස්තී‍්‍ර පුරුෂ භාවය පිළිබඳ සංවේදී ප‍්‍රවේශයන් වැදගත්ය. හානිපූරණ වැඩසටහන් සඳහා පුළුල් සත්‍ය හා යුක්ති පියවරයන් ඇතුළත් විය යුතු බවත් ප‍්‍රකාශයේ නැවත අවධාරණය කරයි. ජාතික මානව හිමිකම් කොමිසම පැරිස් මූලධර්මයන්ට අනුකූල දැයි තීරණය කිරීම සඳහා විශේෂ සමාලෝචනයක් ආරම්භ කිරීමට ජාතික මානව හිමිකම් ආයතනයන්හි ගෝලීය සන්ධානය පසුගිය මාසයේ තීරණය කර තිබේ.

මේ අතර ඉස්ලාමිය අන්තවාදී සංවිධාන තහනම් කිරීම ද මානව හිමිකම් කොමසාරිස්වරිය හෙළාදැක ඇත. මුලතිව්හි යුද හමුදාව රැුඳී සිටීම ද වැරැුද්දක් ලෙස ඇය පැවසුවත් මේ සියලූ කරුණු දෙස් – විදෙස් රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ගේ මෙහෙයුමකි.

එසේම සිවිල් සංවිධාන 66 ක් කළ ප‍්‍රකාශය එදා සිටම කි‍්‍රයාත්මක එකම කණ්ඩායමකගේ කි‍්‍රයාදාමයකි.

මේ හැර ඇමෙරිකාවේ සිට කි‍්‍රයාත්මක වන ඕක්ලන්ඞ් ආයතනය ද මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇත. ඇමෙරිකාවේ පදිංචි විදේශ කාන්තාවක් මෙහෙය වන ඕක්ලන්ඞ් ආයතනය ජිනීවා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් යවමින් ශී‍්‍ර ලංකා හමුදාව මුලතිව්හි ඉඩම් අල්ලාගෙන ඇති බව පවසා ඇත. එහෙත් ඇමෙරිකානු රජය රතු ඉන්දියානුවන්ගේ ඉඩම් අල්ලා ගැනීම ගැන ඕකලන්ඞ් ආයතනය කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

මෙම පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය ශී‍්‍ර ලංකාව සම්බන්ධව අනුගමනය කරන දෙබිඩි පිළිවෙත තහවුරු වේ. ඇය දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන එවන සියලූ වාර්තා විශ්වාස කරයි. එම වාර්තාවල කරුණු ඇගේ වාර්තාවට ඇතුළත් කරයි. ඒ මිෂෙල් බැෂලේගේ ආරම්භක දේශනය ද ස්වාධීන ප‍්‍රකාශයක් නොව ඒකපාක්ෂික ප‍්‍රකාශයක් බව පැහැදිලිය. ලොව රටවල් රැුසක ත‍්‍රස්ත මර්දන පනත් කි‍්‍රයාත්මක වුවත් ශී‍්‍ර ලංකාව තුළ ත‍්‍රස්ත මර්දන පනත කි‍්‍රයාත්මක වීම වැරැුද්දක් ලෙස ඇය දක්වන බව ඇගේ වාචික ප‍්‍රකාශයෙහි පෙන්නුම් කර තිබේ. එසේම මිෂෙල් බැෂලේ මෙරට නීතිපතිවරයාව ද විවේචනයට ලක් කර ඇත. මේ අන්දමට ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම මානව හිමිකම්ද?

එසේම ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන්නේ ද මෙරටින් විදේශ රටවලට පැනගිය පිරිස්ය. එක් අයෙක් හිටපු කැරලිකරුවෙකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව කැරලි ගැසූ මොවුන්ට මානව හිමිකම් ගැන හඬ නැ`ගීමට හිමිකමක් නැත. මෙවන් පසුබිමක් මැද මානව හිමිකම් කොමසාරිස්වරිය ඇෆ්ගන් කාන්තාවන් සිවුදෙනෙක් තාලිබාන් ත‍්‍රස්තයන් ඝාතනය කිරීම ගැන මේ දක්වා හඬනඟා නැත. ඇෆ්ගනිස්තානයේ අද සිදුවන බිහිසුණු ඝාතන කි‍්‍රයා ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය නිහඬව සිටීම කිසිසේත් පිළිගත නොහැකිය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment