ජෙනරාල් බිපින්ගේ හෙලිකොප්ටර් අනතුර අයහපත් කාලගුණය නිසා සිදුවූ බව හෙළිවේ

305

ඉන්දියාවේ ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රධානියා සහ තවත් 13 දෙනකුට මරු කැඳවූ හෙලිකොප්ටර් අනතුර කාලගුණයේ හදිසි වෙනස්කමක් සිදුවූ නිසා බව හෙළිව තිබේ.

 දෙසැම්බර් මාසයේදී තමිල්නාඩු ප‍්‍රාන්තයේ හෙලිකොප්ටරය කඳු බෑවුමක ගැටී ගිනිගෙන පුපුරා යෑමෙන් මියගිය අය අතර ජෙනරාල් බිපින් රාවත් ද විය.

 අනතුර පිළිබඳ කුමන්ත‍්‍රණ න්‍යායන් සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබේ.

 Mi-17V5 හෙලිකොප්ටරය වෙලින්ටන් නගරයේ ආරක්ෂක විද්‍යාලයක් වෙත යමින් සිටියදී කුනූර් නගරයට ආසන්න කඳුකර ප‍්‍රදේශයකට කඩා වැටිණි. මෙහිදී 14 දෙනකු මරණයට පත්විය. ජෙනරාල් රාවත් ඉන්දියාවේ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා වූ අතර 2019 සිට එහි පළමු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා විය.

advertistmentadvertistment
advertistmentadvertistment