ටෙනිස් ක්‍රීඩිකාවගේ මුදලින් දෙමව්පියන්ට නව නිවසක්

273

යුක්‍රේන ටෙනිස් ක්‍රීඩිකා ඇන්හෙලිනා කලිනිනා මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියට සහභාගී වී උපයා ගන්නා මුදල් රුසියානු ප්‍රහාරවලින් නිවාස විනාශ වූ සිය දෙමව්පියන් සඳහා නව නිවසක් ඉදිකර දීමට යොදවන බව ප්‍රකාශ කර ඇත.

යුක්‍රේනයේ ඉර්පින්හි පිහිටා තිබූ තම දෙමව්පියන් ගේ නිවස මාර්තු මාසයේ දී එල්ල වූ රුසියානු ප්‍රහාරවලින් විනාශයට පත්වූ බවත් ඉන් පසුව තම දෙමව්පියන් පදිංචිව සිටියේ තමාගේ නිවසේ බවත් ඇය ප්‍රකාශ කර ඇත.

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය යටතේ කලිනිනා සහභාගි වූ පළමු තරගය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඇය සමත් වූ අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෙසියා සුරෙන්කො සමග තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් තමාට හිමිවන මුදල සිය දෙමව්පියන්ට නව නිවසක් ඉදිකිරීමට යොදවන බව කලිනිනා ගේ අදහසයි.

advertistmentadvertistment
advertistmentadvertistment