ඩුබායි නගරයේ මත්පැන්වලට අය කළ බද්ද ඉවතට

391

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි නගරයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මත්පැන් මත පනවා තිබූ සියයට 30ක බද්ද ඉවත් කිරීමටත් මත්පැන් මිලදී ගැනීම සඳහා මෙතෙක් අය කළ බලපත්‍ර ගාස්තුව අහෝසි කිරීමටත් බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මෙම පියවර හරහා ඩුබායි නගරයේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත් නගරයේ ජීවත් වන විදෙස් ජාතිකයන්ගේ ස්වාධීන ජීවන රටාව දිරි ගැන්වීමත් අපේක්ෂා කරන බව බලධාරීන් පවසයි. මත්පැන් මත අය කර තිබූ බද්ද ඉවත් කිරීම ඉකුත් ඉරිදා සිට ක්‍රියාත්මක වන අතර එය වසරක කාලයක් සඳහා අත්හදා බැලීමට තීරණය වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment