පුටින්ගේ මොළයට ප්‍රහාරයක්..

353

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ සමීපතම මිතුරෙකුගේ දියණියක් මොස්කව් අගනුවර සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය පුටින්ගේ ‘මොළය’ ලෙසත් ‘ පුටින්ගේ රස්පුටින් ‘ලෙසත් හැඳින්වෙන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය වන ඩාරියා ඩූගින් ය.
ඩාරියා ගමන් කරමින් සිටි මෝටර් රථය හදිසියේ පුපුරාගොස් ඇති අතර එම ප්‍රහාරය ඇලෙක්සැන්ඩර් ඩූගින් ඉලක්ක කර එල්ල වී ඇතැයි රුසියානු බුද්ධි අංශ සැක පළ කරයි.
ඇලෙක්සැන්ඩර් ඩූගින් දියණිය සමග එකම රථයේ ගමන් කිරීමට සැලසුම් කර සිටියත්, අවසාන මොහොතේදී එම තීරණය වෙනස් කර ඇති බව
රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.රුසියානු රජයේ නිල තනතුරක් නොදැරුවද ඇලෙක්සැන්ඩර් ඩූගින් යනු ව්ලැද්මීර් පුටින්ගේ දාර්ශනික මතවාද කෙරෙහි
වැඩි බලපෑමක් කළ දාර්ශනික මිතුරෙකු ලෙස සැලකේ .

ctb

advertistmentadvertistment
advertistmentadvertistment