ඩෙංගු වලින් දරුවන් රැකගන්න

105

මේ දිනවල ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අතර දරුවන් ද ඩෙංගු රෝගයට ගොදුරු නොවීමට වගබලා ගැනීම දෙමාපියන් සතු වගකීමක් බව ද සෞඛ්‍ය අංශ පවසති.

 දරුවකුට ඩෙංගු වැළඳි ඇත්ද යන්න හඳුනාගන්නේ කෙසේද?

 උණ, ඇඟපත වේදනාව, හන්දිපත් වේදනාව, ඇස් යට කැක්කුම, හිසරදය, වමනය යෑම, කෑම අරුචිය වගේම දේවල් දරුවකුගේ දකිනවා නම් දින දෙක තුනක් තුළ පූර්ණ රුධිර පරීක්‍ෂාවක් කිරීම ඉතා වැදගත්.

 ඒ වගේම උණ හැදිල දවසකට පස්සේ ඩෙංගු ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරගන්නවා නම් හොඳයි. එහිදී රුධිර පට්ටිකා 150 ට වඩා අඩුවෙලා තිබුණොත් දරුවාව රෝහල් ගත කරන්න. බල බලා ගෙදර තියාගෙන ඉන්න එපා.

 දරුවා උණ තත්ත්වයෙන් ගෙදර ඉන්න විට ලබාදෙන ඖෂධ මොනවාද?

 පැරසිටමෝල් පෙත්තක් දරුවාට ලබා දුන්නට කමක් නැහැ. තමන්ට හිතෙන හිතෙන ඖෂධ දරුවාට ලබා දෙන්න එපා. ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න.

 ඩෙංගු වැළඳුනු දරුවකුට ලබාදිය යුතු පාන වාර්ග මොනවාද?

 දරුවාගේ බර ප‍්‍රමාණයට ගැලපෙන දියරමය ආහාර වර්ග ලබා දෙන්න. උදාහරණ වශයෙන් කිව්වොත් ජීවනී, කිරි, තැඹිලි, කහපාට දියරමය ආහාර දෙන්න එපා.

 ‘‘අනිත් කාරණාව තමයි දරුවාට මුත‍්‍රා හරියට යනවාද කියලා බලන්න.

 ඩෙංගු රෝගයට ගොදුරු නොවන්න මොනවද කළ යුත්තේ.

 පොල්කටු, තැඹිලි කෝම්බ, හිස් යෝගට් කෝප්ප, ප්ලාස්ටික් කෝප්ප, තැන් තැන්වල දමන්න එපා. එහෙම තියෙනවා නම් ඒවා විනාශ කරලා දාන්න. එහෙම දාල තිබුණොත් වැසි ජලය ඒ තුළ රැුඳෙන්න පුළුවන්. ඒ තුළින් ඩෙංගු කීටයන් බෝවෙලා දරුවෝ ඩෙංගු රෝගයට ගොදුරුවීමේ හැකියාව තිබෙනවා.

 අනිත් එක තමයි ගේ ඇතුළේ තිබෙන ශීතකරණයේ පිටුපස ජලය

 එක්රැස් වන ස්ථානය, වතුර ටැංකිවල, බූලිවල ඇති ජලය පරීක්‍ෂා කරන්න.

ඩෙංගු වලින් දරුවන් රැකගන්න

 සාකච්ඡා කළේ  – ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 බොරැල්ල රිජ්වේ ආර්යා
 ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment