ඩොලරය නගින්නේ ආනයනය ලිහිල් කළ නිසායි – මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ කියති

173

භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා පසුගිය සතියේ ඉවත් කළ නිසා ඇමරිකානු ඩොලරයට තිබූ ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යාම මේ දිනවල ඩොලරය ශක්තිමත් වීමට ප්‍රධාන හේතුව බව ආර්ථික හා මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ ‘දිවයින’ට ප්‍රකාශ කළහ.

ඉකුත් ජුනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩ 286 ක ආනයන සීමා ලිහිල් කළ අතර මේ නිසා එම භාණ්ඩ ආනයනය සඳහා කෙටි කාලයක් තුළ ඉහළ ඉල්ලුමක් ඇති වූ බවට අනුමාන කළ හැකි බව ද ඔවුහු සඳහන් කරති.

මෙසේ එම භාණ්ඩවල ආනයන පාලනය ලිහිල් කිරීම මෙන්ම ඇමරිකානු ඩොලරය තවදුරටත් ඉහළ යනු ඇති බවට ඇතිවූ අපේක්ෂාද මේ තත්ත්වයට හේතු වන්නට ඇති බව ද එම විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

දිගු කලක් ආනයන පාලනයකට යටත් කර තිබූ භාණ්ඩවල ආනයන පාලනය සෑහෙන කලකට පසු ඉවත් කිරීමෙන් එම භාණ්ඩ සඳහා ඇති ආනයන ඉල්ලුම ක්‍ෂණිකව ඉහළ යෑමට ඉඩකඩක් ඇති බවත් එය සාමාන්‍ය දෙයක් බවත් ඔවුහු සඳහන් කරති.

කවරක් නමුත් රුපියලට සාපේක්ෂව ඩොලරය දිනපතා ඉහළ යන තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ සමනය වනු ඇති බව ද එම ආර්ථික මූල්‍ය විශ්ලේෂකයෝ තවදුරටත් පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment