තන්තිරිමලේදී වලස් ප්‍රහාරයට ලක්වූ සිවිල් ආරක්‍ෂකයා රෝහලේ

293

තන්තිරිමලේ වනයේ සිටි වලසකු විසින් සිවිල් ආරක්‍ෂක භටයකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් තන්තිරිමලේ පොලිසියෙන් වාර්තා වෙයි.

මෙම වලස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ ජී. චන්ද්‍රපාල නමැති සිවිල් ආරක්‍ෂක භටයා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම සිවිල් ආරක්‍ෂක භටයා තමාට අයත් කුඹුර අසල පිහිටි කැලෑවේ ලී කැපීමට යද්දී සැඟවී සිටි වලසා ඔහුගේ මුහුණට පැන සිරුරට තුවාල සිදුකර ඇති බව තන්තිරිමලේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සන්තක එදිරිසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය.

සිවිල් ආරක්‍ෂක භටයාගේ කෑගැසීම නිසා වලහා පලාගොස් ඇති අතර මෙම කැලෑවේ වලසුන් සිටින බවට මීට පෙර ද ප්‍රදේශවාසීන් විසින් වගකිවයුත්තන්ට දැනුම්දී තිබුණි.
නෝමන් පලිහවඩන, මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment