සූර්යයා මීන රාශියෙන් මේෂ රාශිගත වීමෙන් ලක්වාසී බෞද්ධ හින්දු ජනතාවට උදාවන සිංහල – දමිළ අලුත් අවුරුද්ද සමරන්න ලක්වාසී සියලුම ජනතාව වසර මුල පටන් දෑස් දල්වා බලා සිටින්නේ බක් මාසේ පැමිණෙන තුරාය. ඒ වාගේම අලුත් අවුරුදු උත්සව සහ ජන ක්‍රීඩා කියන්නේද මේ බක් මාසේ සුවිශේෂී වූ අංගයකි’ ඔබ සැම එකසේ ආදරය කරන කලා ලෝකයේ ආදරණීය කලා ශිල්පීන්ගේ කැමැතිම ජන ක්‍රීඩාවන් සහ තරගයන් පිළිබඳව “මීවිත’ අපත් සමග පැවසූවේ මෙලෙසිනි.

අලියට ඇහැ තියන එක ගේමක් නෑ – ශලනි තාරකා

අලියට ඇහැ තියන්න තමයි ගොඩක්ම කැමැති. මොකද වැඩිපුර දඟලන්නේ නෑනේ ඒකේ. පාඩුවේ ගිහින් ශේප් එකේ කරලා එන්න පුළුවන් ගේම් එකක් තමයි අලියට ඇහැ තියන එක’ කොහොමත් අවුරුදු කාලෙට මං වැඩිපුරම කැමැති ගෙදර අයත් එක්ක එකතුවෙලා නිදහසේ එකට අවුරුදු සමරන්න තමයි’

කඹ ඇදීම හරි විනෝදයි – සාරංග දිසාසේකර

මම නම් ආසාවෙන්ම කළේ කඹ අදින එක විතරයි. අනිත් පොඩි පොඩි තරග කළේ හොර කරන්න. අලියට ඇහැ තියන එක” කණා මුට්ටි බිඳින එක ඒ ඔක්කොම කළේ හොර කරලා තමයි. සාධාරණව හරියටම කළේ කඹ අදින එක තමයි. මම වැඩිපුරම කැමතිත් කඹ අදින්න තමයි.

තරු කැමැති ජන ක්‍රීඩා

තේ යාරේ ඇදලා දිනුවා – සංජානා ගමආරච්චි

ගෝනි පනින තරගය” තේ යාරේ” කඹ අදින තරගය ඔක්කොම මම දිනලා තියෙනවා. ඒ අතරින් මම වැඩිපුරම කැමතියි “තේ යාරේ” තරගයට. මම හිතනවා මට ඒක කරන්න පුළුවන් කියලා. මොකද අනිත් කට්ටියගේ තේ යාරය හරියට වැටෙන්නෙ නෑ කියලා මට හිතෙනවා. තේ යාරේ මට හොඳට කරන්න පුළුවන් නිසා මම ඒකට ආසයි.

ගෝනි පැනීම විශේෂයි – ධනංජි තාරුකා

අවුරුදු උත්සවවල ගොඩක් තරගවලට සහභාගි වෙනවා. කොට්ට පොර ගහලා ජයග්‍රහණය කරලා තියෙනවා. තව ගෝනි පැනීම” අලියට ඇහැ තැබීම ජයග්‍රහණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මම වැඩිපුරම දිනන තරගයක් තමයි ගෝනි පැනීම. ඒක නිසා ඒ තරගය මට විශේෂයි.

තරු කැමැති ජන ක්‍රීඩා

ලිස්සන ගහට ආසයි – සචින් ලියනගේ

මම කොට්ටපොරවලට මාරම කැමතියි. මම දන්න තරමින් අවුරුදු උත්සවවලදී මිනිස්සු ගොඩක්ම බලන් ඉන්න තරගයක් තමයි කොට්ටපොරයි” ලිස්සන ගහේ නඟින එකයි. ගොඩක් පිරිමි ළමයිනුත් කැමතියි ඒ දෙකට. ඉතින් ඒ වගේ මමත් කිසිම වෙනසක් නැතුව ඒ දෙකට ගොඩක් කැමතියි.

කකුල් තුනෙන් දුවලා දිනුවා – චතූ රාජපක්ෂ

“කකුල් තුනෙන් දිවීම” තරගයට තමයි ආසම. මොකද ගොඩක්ම මම ජයග්‍රහණය කරලා තියෙන්නෙත් ඒ ක්‍රීඩාව. අවුරුදු දෙකක්ම චිලී එක්ක සහ ධනංජි එක්ක දුවලා ජයග්‍රහණය කළා. ඊළඟට කැමැතිම කඹ අදින්න. ඒක කට්ටියත් එක්ක එකට කරන්න පුළුවන් තරගයක්. ඇඟ පොඩියට තිබුණට මම හිතනවා මට කඹ අදින්න පුළුවන් කියලා. ඒකෙනුත් මම ගොඩක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ආර්ටිස්ලා වශයෙන් අපිට ස්ටේ‍රස් රිලීස් කරගන්න තියෙන හොඳම කාලේ තමයි මේ අවුරුදු කාලේ. අව්ව” වැස්ස නොබලා ගොඩක් අය හරිම සතුටින්” විනෝදයෙන් ඉන්න කාලයක් තමයි අවුරුදු කාලේ.

තරු කැමැති ජන ක්‍රීඩා

ජන ගී කියලා හැමදාම දිනුම් – ලහිරු පෙරේරා

අවුරුදු උත්සවවල තරගවලට සහභාගි වෙලා ගොඩක් දිනලා තියෙනවා. “හොඳම ඇඬීම” හොඳම හිනාව” සහ “ජන ගී ගායනය”තරගවලින් තමයි වැඩිපුරම ජයග්‍රහණය කරලා තියෙන්නේ. කණා මුට්ටිය තරගයටත් ගොඩක් ආසයි. හැබැයි මම කණා මුට්ටිය බිඳලා දිනලා නම් නැහැ.

කොට්ටපොරවලට හරි ආසයි – නදීෂා හේමමාලි

මම හැම පාරම අවුරුදු තරගවලට සහභාගි වෙනවා. ‘කොට්ටපොරවලට තමයි කැමැතිම’ මොකද ඒක දිනන නිසා. එක පිට කිහිප වතාවක්ම කොට්ටපොර තරගයෙන් ජයග්‍රහණය කළා. අනිත් අය කලින් ක්‍රීඩා කරන විදිහත් දැකලා තියෙනවා. ඉතිං ඒවත් බලලා” කියලා තමයි කොට්ට පොර ගැහුවේ. දැන් හොඳ පැටි්‍රස් එකක් තියෙනවා. අනිත් ක්‍රීඩාවලින් ගෝනි පනින්න” හැන්ද මත දෙහි ගෙඩිය ගෙනියන්නත් කැමැතියි. අපිට හොඳට හොර කරන්න පුළුවන් නිසා කණාමුට්ටිය බිඳින්නත් ආසයි.

කඹ ඇදලා හැමදාම දිනුම් – රොෂාන් රණවන

සාමාන්‍යයෙන් කඹ ඇදීම තමයි අපි ගොඩක් දුරට ජයග්‍රහණය කරලා තියෙන්නේ. කඹ ඇදීමේ තරගය කියන්නේ තමන්ගේ ශක්තිය තමන්ට උරගා බලන්න පුළුවන් සහ තමන්ගේ ශක්තිය තමන්ට පෙන්නන්න පුළුවන් තරගයක්. ඒ වගේම ගොඩක් කට්ටියක් එක්ක එකතුවෙලා සහයෝගයෙන් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒ නිසා මම කැමතිම තරගය කඹ ඇදීම තමයි. ඒ වගේම පාරම්පරිකව අපිට උරුම වුණ දේ අපිටත් ඉදිරි පරපුරට අරගෙන යන්න අවුරුදු උත්සව තියෙන්නම ඕනෑ.

තේ යාරෙට හරි ආසයි – දිනක්ෂි ප්‍රියසාද්

අවුරුදු උත්සවවල තියෙන “තේ යාරේ” දාන්න මම වැඩිපුරම ආසයි. ඊට අමතරව ඉතින් කොට්ට පොර එහෙමත් ගහලා තියෙනවා. හැබැයි ඒකට නම් මම ටිකක් බයයි. තේ යාරේ තමයි ගොඩක්ම දිනලා තියෙන්නේත්. ඒ නිසා තේ යාරේ තරගයට ගොඩක් කැමැතියි. අවුරුද්දකට සැරයක් පවුලෙ අය, යාළුවො කට්ටියත් එක්ක එකතුවෙලා සතුටින් ඉන්න කාලයක් තමයි අවුරුදු කාලේ. මොකද ඒවත් එක්කනේ මිනිස්සුන්ගේ සම්බන්ධතා ගොඩනැඟෙන්නේ. ඒ නිසා මම නම් අලුත් අවුරුදු කාලෙට හරිම ආසයි.

කැමතිම ක්‍රීඩාව කඹ ඇදීම ජනිත් වික්‍රමගේ

මම නම් කැමතිම කඹ අදින්න. ඒක හරිම විනෝදයි. අනිත් එක කඹ අදින වෙලාවට ඔක්කොමලා කොහේ හිටියත් චියර් කරන්න” සපෝට් කරන්න එනවනේ. කඹ ඇදලා දිනපු වෙලාවලුත් තියෙනවා. දිනන්නම බලාගෙන නෙවෙයි මම තරග කරන්නේ. ඒ මොහොතේ කට්ටියත් එක්ක එකතුවෙලා සතුටින් විනෝදවෙලා ගත කරන්න පුළුවන් නිසා තමයි මම කඹ අදින්න වැඩිපුරම කැමැති.

කණා මුට්ටි හොඳ ගේම් එකක් – හෂාන් රත්නායක

කණා මුට්ටිය බිඳින්න මම ගොඩක් කැමැතියි. මොකද මගේ උසත් එක්ක මට දිනන්න පුළුවන් හොඳ ගේම් එකක් ඒක. ගොඩක්ම ජයග්‍රහණය කරලා තියෙන්නෙත් කණා මුට්ටිය බිඳලා තමයි. අනිත් එක අවුරුදු උත්සවවලටත් මම කැමතියි. මොකද අපිට ඒකාකාරී බවින් මිදිලා හැමෝම එක්ක විනෝදවෙන්න පුළුවන්. කොහොමත් බක් මහ මට විශේෂයි. මොකද මම කලා ක්ෂේත්‍රයට ආවෙත් අවුරුදු කුමරා තරගයක් හරහායි. ඒවත් එක්ක බක් මාසේ මට හරිම සුවිශේෂියි.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment