තෙල් මිල අඩු කළත් බස්, ත්‍රිරෝද ගාස්තු වෙනසක් නෑ

97

ඉන්ධන මිල පහත දැමුවද බස්, ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ ගාස්තු අඩු නොකරන බව එම සංගම් නියෝජිතයෝ ‘දිවයින’ට ඊයේ (1 දා) පැවසූහ.

ඩීසල් මිල රුපියල් 15 කින් පහත දැමුවද බස් ගාස්තු අඩු නොකරන බව පැවසූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් මෙසේද කීය.

පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක කිරීමට අමාත්‍යවරයා මෙතෙක් කිසිම පියවරක් ගෙන නැහැ. ඒකෙ විපාකය අද මගී ජනතාවට විඳින්න වෙලා. ඉන්ධන මිල අඩුකරලා මගී ජනතාවට රුපියලක්, දෙකක් අඩුකරලා එහි වාසිය දුන්නට ප්‍රායෝගික නැහැ. විiුත් ක්‍රමවේදයකින් කාඩ් පතකින් මගීන්ට මුදල් ගෙවන්න සැලසුම් කළොත් අපිට අනිවාර්යයෙන්ම මේ සහනය ජනතාවට දෙන්න පුළුවන්. ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළොත් අපිට හෙට බස් ගාස්තුව අඩුකරන්න පුළුවන්.

ඉන්ධන මිල ඉතා සුළු ගණනකින් අඩු කළ ද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බව ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයෝ ද කියා සිටිති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment