දඩයක්කරුගේ කුරිරු වෙඩි පහරින් කිරි මවු කෙනෙර මරු දකී

463

මිය යන විටත් කිරි වැගිරෙමින් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුදියන්නෑගම ග්‍රාමයේ ඇති ගාල්ලවැව වෙල්යායේ මියගිය කිරි කෙනෙරකගේ මළ සිරුරක් පසුගිය 09 වැනි දින මීගලෑව වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අදාළ ස්ථානයට පැමිණ කල ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් පැවැසූයේ පෙර දින රාත්‍රීයේ කෙනෙරගේ හිසට හා බෙල්ල ප්‍රදේශයට බෙහෙත් තුවක්කුවකින් වෙඩි තබා ඇති බවයි. ප්‍රදේශයේ රාත්‍රියට දඩයමේ යන දඩයක්කරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට වනජීවිය සැක කරන අතර මෙලෙස මියගොස් ඇත්තේ මෑතක දී පැටවකු බිහි කර ඇති කෙනෙරකි. මිය යන අවස්ථාවේදීත් කෙනෙරගේ තනපුඩුවලින් කිරි වෑහෙමින් තිබූ අයුරු දැකගත හැකි විය.

දඩයක්කරුගේ කුරිරු වෙඩි පහරින් කිරි මවු කෙනෙර මරු දකී

කෙනෙරගේ මරණ පරීක්ෂණය පෙරේදා (09) වයඹ පළාත් පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ මහතා විසින් සිදු කළ අතර වයස අවුරුදු 25 ත් 30 ත් අතර වන මෙම කෙනෙරට වෙඩි වැදීම නිසා පෙණහල්ලට ලේ ගැලීමක් සිදුව මියගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.

මේ ඝාතනය සිදු කළ අය සොයා වැඩිදුර විමර්ශන පවත්වන බව වනජීවි නිලධාරීන් දිවයිනට සඳහන් කළේය.

කුමා රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment