දඩ ගෙවන්න මහ රෑටත් තැපෑල වැඩ

48

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල කීපයක් මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩපත් ගෙවීමේ පහසුකම ලබාදී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාල මෙසේය.

වේයන්ගොඩ තැපැල් කාර්යාලය, කොළඹ ගුවන්තොටුපළ තැපැල් කාර්යාලය, රත්නපුර තැපැල් කාර්යාලය, කෑගල්ල තැපැල් කාර්යාලය, ගාල්ල තැපැල් කාර්යාලය,

අම්බලන්ගොඩ තැපැල් කාර්යාලය, මාතර ප්‍රධාන තැපැල් කාර්යාලය, ගම්පොළ තැපැල් කාර්යාලය, නාවලපිටිය තැපැල් කාර්යාලය, මහනුවර තැපැල් කාර්යාලය, හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය, කුරුණෑගල තැපැල් කාර්යාලය, මහව තැපැල් කාර්යාලය, පොල්ගහවෙල තැපැල් කාර්යාලය, අනුරාධපුර තැපැල් කාර්යාලය, මඩකලපුව තැපැල් කාර්යාලය.

රාත්‍රී 7.00 තෙක් දඩ පත්‍රිකා භාරගනු ලබන තැපැල් කාර්යාල මෙසේය.

මීගමුව තැපැල් කාර්යාලය, ජා-ඇල තැපැල් කාර්යාලය, මීරිගම තැපැල් කාර්යාලය, කැලණිය තැපැල් කාර්යාලය, රාගම තැපැල් කාර්යාලය, වත්තල තැපැල් කාර්යාලය, ගම්පහ තැපැල් කාර්යාලය, නුවරඑළිය තැපැල් කාර්යාලය, හිඟුරක්ගොඩ තැපැල් කාර්යාලය, කිලිනොච්චි තැපැල් කාර්යාලය, ඇල්ල තැපැල් කාර්යාලය.

රාත්‍රී 8.00 තෙක් දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම් ඇති තැපැල් කාර්යාල මෙසේය.

බදුල්ල තැපැල් කාර්යාලය, හපුතලේ තැපැල් කාර්යාලය, පේරාදෙණිය තැපැල් කාර්යාලය, පොළොන්නරුව තැපැල් කාර්යාලය, ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලය, යාපනය තැපැල් කාර්යාලය, වව්නියාව තැපැල් කාර්යාලය.

රාත්‍රී 8.30 තෙක් දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම් ඇති තැපැල් කාර්යාල

ගල්ගමුව තැපැල් කාර්යාලය

රාත්‍රී 9.00 තෙක් දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම් ඇති තැපැල් කාර්යාල

බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය, මාතලේ තැපැල් කාර්යාලය.

රජයේ නිවාඩු දින, සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී කාලයේදී දඩ පත්‍රිකා භාරගැනීම සිදු නොකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment