දත් රෝහල් ඔත්පළ වෙයි

93

කොළඹ දන්ත රෝහල ඇතුළු දිවයිනේ සියලු රජයේ දන්ත සායනවල දන්ත ශල්‍ය වෛi උපකරණ, දත් පිරවීමට ගන්නා අමුද්‍රව්‍ය ඇතුළු තවත් දෑ වල දැඩි හිඟයක් වසරක පමණ කාලයක සිට පවතින බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල ගමගේ මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) පැවසීය.

මෙම ගැටලුව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව හා සාකච්ඡා මාර්ගවලදී අදාළ බලධාරීන් දැනුවත් කර ඇතැයි ද ඒ මහතා කීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

“එදිනෙදා දන්ත වෛද්‍ය ප්‍රතිකාරවලට අවශ්‍යකරන සියලුම පිරවුම් ද්‍රව්‍ය, දත් පිරවුම් සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය, දත් ඇඳි සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය, ශල්‍යකර්ම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය, එක්ස්රේ පටල ඇතුළු තවත් ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් තිබෙනවා.

“මෙම තත්ත්වය තුළ තාවකාලික දත් පිරවුම් හා ස්ථිර දත් පිරවුම් යනාදිය කරගන්න එන රෝගීන්ගේ එම කටයුතු පවා කල් දමන්න සිදුවෙලා. ඒ නිසා මේ ගැන සෞඛ්‍ය බලධාරීන් වහාම අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment