දැවිතෙල් පාඩුව පෙට්‍රල් භූමිතෙල් මිල උඩින් යවලා – ආනන්ද පාලිත කියයි

90

මෙවර භූමිතෙල් ලීටරයක මිල රුපියල් විසිහයකින් සහ 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට හේතු වූයේ විදුලි බලාගාර සඳහා තෙල් සංස්ථාව මිලදී ගත් නැප්තා සහ දැවි තෙල් වලින් සිදුවූ ඩොලර් මිලියන විසිපහක පාඩුවක් පියවා ගැනීමට යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිතිය පවසයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියන පරිදි සංස්ථාව මිලදී ගත් නැප්තා හා දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000කින් මෙම පාඩුව සිදුවී තිබෙයි.

ඉකුත් වසරේදී තිබූ නියඟ සමයේදී තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තෙල් තොග මිලදී ගෙන ඇත. නමුත් අනපේෂිත ලෙස වැසි පතිතවීම නිසා අදාළ බලාගාරවලට අඩු මිලට එම තෙල් නිකුත් කිරීමට සංස්ථාවට සිදුව ඇතැයි ද ඒ මහතා කියා සිටී. මීට අමතරව වැඩි මිලට තවත් නැප්තා හා දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000ක් ද ඇනවුම් කර ඇත.

එම ගනුදෙනුවේදී සිදුවූ පාඩුව පියවා ගැනීමට භූමිතෙල් හා 92 පෙට්‍රල් මිල ඉහළ දැමීමට සිදුව තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment