දින තුනේ නිවාඩුවෙන් සත්වෝද්‍යානයේ කල්ල මරේ

199

ගතවූ දින තුනේ නිවාඩුව (14, 15, 16) තුළ ජාතික සත්වෝiාන දෙපාර්තමේන්තුව රුපියල් එක්කෝටි තුන්ලක්‍ෂ හතළිස් හතර දහස් දෙසීය විසිඑකක (10, 344,221.94) ආදායමක් උපයා ඇතැයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ‘‘දිවයින’’ට (17 දා) පැවසුවාය.

මෙම ආදායම දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සංරක්‍ෂණාගාරය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය තුළින් උපයා ඇතැයි ද ඇය කියා සිටියාය.

ඒ අනුව මෙම කාලය තුළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය රුපියල් 3,423,001ක්.

රුපියල් තිස්හතර ලක්‍ෂ විසිතුන් දහස් එකයි ක්ද, පින්නවල අලි සංරක්‍ෂණාගාරය රුපියල් 2,695,430ක් (රුපියල් විසිහයක්ෂ අනූපන්දහස් හාරසිය තිහක්) පින්නවල සත්වෝද්‍යානය රුපියල් 980,050ක් (රුපියල් නවලක්‍ෂ අසූදහස් පනහක්) හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය රුපියල් 3,245,740ක් (රුපියල් තිස්දෙලක්‍ෂ හතළිස් පන්දහස් හත්සිය හතළිහක්) වශයෙන් ආදායම් උපයා ඇතැයි ඇය කියා සිටියාය.

එසේම සෆාරි උද්‍යානය 15 හා 16 යන දින දෙක තුළ වාර්තාගත ආදායමක් උපයා ඇතැයිද ඈ සඳහන් කළාය.

මෙම කාලය තුළ දේශීය සංචාරකයින් හැටඑක්දහස් දෙසීය පනස්හය දෙනකු (61,256) විදේශීය සංචාරකයින් හත්සිය අනූදෙනකු (790) පැමිණ ඇතැයිද ඈ වැඩිදුරටත් කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment