දිල්ලි කැපිටල්ස්ට කඩුලූ 8ක ජයක්

151

අයිපීඑල් තරගාවලිය යටතේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පෙරේදා (22 දා) පැවැති තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලූ 8ක පහසු ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය.

 පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලූ 9ක් දැවී ලබාගත් ලකුණු 134 ඉලක්කය පන්දුවාර 17.5ක් තුළ පසු කර යෑමට දිල්ලි කැපිටල්ස් කී‍්‍රඩකයෝ සමත් වූහ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 47ක් ලබා ගත් ශී‍්‍රයර්ස් අයියර් ජයග‍්‍රහණයට ලකුණු 02ක් මෙපිටින් සිටියදී එල්ල කළ අලංකාර හයේ පහරක් සමගින් තරගයේ ජය සිය කණ්ඩායම වෙත ගෙන ආවේය.

 පන්දු යැවීමේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලූ දෙකක් දවාගත් ඇන්රිච් නොයේ තරගයේ වීරයා බවට පත් වූවේය.

 ලකුණු සාරාංශය – සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම

 ලකුණු 134/9

 අබ්දුල් සමාද් 28, රෂිඞ් ඛාන් 22

 පන්දු යැවීම – කාගිසෝ රබාඩා 37-3, ඇන්රිච් නෝයේ 12-2, අක්සාර් පටෙල් 21-2

 දිල්ලි කැපිටල්ස් කණ්ඩායම

 ලකුණු 139/2

 ෂිකර් ධවාන් 42, ශි‍්‍රයර්ස් අයියර් නොදැවී 47, රිෂාඞ් පාන්ට් නොදැවී 35

 පන්දු යැවීම – රෂිඞ් ඛාන් 26-1, කලීල් අහමඞ් 33-1

advertistmentadvertistment
advertistmentadvertistment