දුම්රියට ස්ථානාධිපතිවරුන්ගෙන් තල්ලුවක්

170

දුම්රිය නියාමකවරුන් කොවිඩ් 19 රෝගීන් බවට පත්වීම හා ආශ්‍රිතයන් බවට පත්වීම මත දුම්රිය සේවා බිඳ වැටීම වැලක්වීම උදෙසා දුම්රිය ස්ථානාධිපතිවරුන් නියාමක රාජකාරි ආවරණය කර යහපත් දුම්රිය සේවාවක් සැපයීමට කටයුතු කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය සූදානම් බව එහි මහලේකම් කියා සිටී.

විශේ්ෂ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද කියයි.

මේ වන විට කොවිඩ් 19 රෝගීන් හා ආශ්‍රිතයන් ලෙස දුම්රිය නියාමකවරුන් පත්වීම හේතුවෙන් දෛනිකව කාර්යාල දුම්රිය ගමන් වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීමට පාලනාධිකාරිය විසින් කටයුතු කර ඇතග මේ නිසා කාර්යාල සේවකයන් ල පාසල් සිසුන් හා අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන් ඇතුළු බොහෝ පිරිසකට දැඩි අපහාසුතවයන්ට මුහුණ පෑමට සිදුව ඇත.

මෙම වර්තමාන තත්ත්වය පිළිබඳව මහනුවර දුම්රිය නියාමක කාර්යභාර නිලධාරිගේ ඉල්ලීම මත හා වැඩි දුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව සහෝදර නියාමක මහතුන් පත්ව ඇති අපහාසුතාවය සඳහා පිලියමක් වශයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය නියාමක සේවාවර වල තාවකාලිකව ආවරණය සඳහා යොදවා හදිසි දුම්රිය අවලංගු කිරීම් අවම කර ගැනීමට දායකත්වය ලබා දීමට දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර ඇත.

මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය ලේකම්තුමන් ඇතුළු දුම්රිය පාලනාධිකාරියේ බලධාරින් දැනුවත් කොට ඇති අතරල ඒ අනුව දුම්රිය නියාමක සේවාවර වල දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සඳහා අදාළ නිලධාරීන් කඩිනමින් පියවර ගනු ඇති අපේක්ෂා කරමුග එය දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අකර්මන්‍ය වීම වලක්වා ගැනීමට රුකුලක් ද වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment