දූෂණය – වංචාව අයින් කළොත් විදුලි බිල වැඩි කරන්න ඕනෙ නැහැ

50

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

විදුලිබල මණ්ඩලය සහ පෞද්ගලික විදුලි මිලදී ගැනීම් විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. ඒවා නිසි අයුරින් දූෂණය, වංචාවන් අයින් කරලා කළමනාකරණය කරන්න පුළුවන් වුණොත් නැවත වතාවක් විදුලි බිල වැඩි කරන්න ඕනෙත් නැහැයැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (02දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

2023ට පා තබන ආණ්ඩුව ජනතාව තවදුරටත් අන්දවමින් කටයුතු කරන ආකාරය අපි දකිනවා. විශේෂයෙන්ම අන්ධයාට වෙසක් තොරන් පෙන්නනවා වගේ තමයි ආණ්ඩුව ජනතාව ඇන්දුවේ කියලා හිතාගෙන බොරු මවමින් උප්පරවැට්ටි යොදනවා. ආණ්ඩුව කෝකටත් තෛලය විදියට පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සකලවිධ ප්‍රශ්නවලට උත්තර විදියට ඔවුන් දකින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒකෙන් ඔවුන් උත්සාහ කරනවා සැබෑ ප්‍රශ්න යටපත් කරන්න. අපිට පේනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහයෝගය එන්න එන්නම ප්‍රමාද වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා විශ්වාස කරන ප්‍රධාන තර්කයක් තමයි මේ රටේ ජනතාව විශ්වාස නොකරන ආණ්ඩුවක් රට පාලනය කරන්නේ කියලා. ජනමතයක් නැති ආණ්ඩුවක් තමයි ජනාධිපතිවරයා ඇතුළු අපේ රට පාලනය කරන්නේ කියන එක සමස්ථ රටවල නායකයින්, සංවිධාන විශ්වාස කරනවා. ඒ නිසා අපිට විශ්වාස කරන්න බැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය මුදල ලැබෙයි කියලා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමස්ත ප්‍රශ්න වලට විසඳුමක් විදියට අපි දකින්නෙත් නැහැ.

අපේ රට තුළ ස්ථාවර රජයක් ස්ථාවර පාලනයක්. ජනතාවගේ මතය මොකක්ද කියන එක පිළිබිඹු කිරීම රටක ආර්ථිකයට වාසි සහගතයි. ඒ නිසා මැතිවරණවලට බයේ උප්පරවැට්ටි යොදන පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයට අපි කියනවා බොරු උප්පරවැට්ටි යොදන්නත් එපා. බොරු කියන්නත් එපා. වහාම මැතිවරණයක් පවත්වන්න. විදුලිබල මණ්ඩලය සහ පෞද්ගලික විදුලි මිලදී ගැනීම් විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. ඒවා නිසි අයුරින් දූෂණය, වංචාවන් අයින් කරලා කළමනාකරණය කරන්න පුළුවන් වුනොත් නැවත වතාවක් විදුලි බිල වැඩි කරන්න ඕනෙත් නැහැ. කාංචන විජේසේකර මහත්තයා අද රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් එහා ගිය ඒකාධිපතියෙක් විදියට තමයි කටයුතු කරන්නේ. එතුමා බලන්නේ එක පැත්තක් විතරයි. මේ විදියට අධික ලෙස විදුලි බිල වැඩි කරල හීරෝ වෙලා වැඩක් නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා

නව වසර පහුගිය කාලය ගත්ත තීන්දු අනුව බැලු‍වම ජීවත්වීමට හොඳ වසරක් කියන එක පේන්න නැහැ. මොකද ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ 68% කින් ආණ්ඩුව බදු වැඩි කරලා. ගිය අවුරුද්දේ 37500 කින් කරපු වැඩකට අද ලක්ෂයක් වියදම් කරන්න ඕන. මේ අවුරුද්දේ අපිට පේන්න තියෙනවා මිනිසුන්ගේ ජීවන රටාව ජීවත් වෙන්න තියෙන අපහසුතාවයට සියලු‍ දේවල් 2023 පවත්වා අර්බුදකාරී තත්වයකට යනවා කියන එක. ඒ පැහැදිලි වෙන්න එකක් ආණ්ඩුව අයවැය දී සම්මත කරගත්ත ආදායම් බදු හා අනෙකුත් වක්‍ර බදු මේ ජනවාරි මාසය පළවෙනිදා ඉඳන් වැඩි කරන්න ආණ්ඩුව තීන්දු කරල තියෙනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment