නත්තලට විශේෂ දුම්රිය

104


නත්තල් උත්සව සමය වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්ත මහතා පවසයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් ධාවනය සඳහා මෙලෙස එක්කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මේ අතර කොළඹ කොටුවේ සිටි කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රියක් හා කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය සඳහා එක්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment