නැෂනල් සුපර් ලීග් තරගාවලිය: දඹුල්ල පරදා ගාල්ල දෙවැනි ජය ලබයි

160

නැෂනල් සුපර් ලීග් එක්දින ක‍්‍රිකට් තරගාවලිය යටතේ සිය දෙවැනි ජයග‍්‍රණය ඊයේ (28 දා) වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය.

කොළඹ එස්එස්සී පිටියේ පැවැති එම තරගයේදී දඹුල්ල කණ්ඩායම ලකුණු 165 කට සීමා කිරීමට සමත් වූ ගාල්ල ක‍්‍රීඩකයෝ කඩුලූ 3 ක් අතැතිව තිබියදී එම ජයග‍්‍රහණය වාර්තා කළහ.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක පන්දු 75 කදී ලකුණු 44 ක්ද, ලක්‍ෂාන් සඳකැන් පන්දු 52 කදී ලකුණු 34 ක්ද ලබා ගත්තේය.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ හේෂාන් හෙට්ටිආරච්චි සහ ධනංජය ලක්‍ෂාන් කඩුලූ 3 බැගින් දවා ගත්හ. පන්දුවාර 34.2 කදී ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගිය ගාල්ල

කණ්ඩායම වෙනුවෙන් පන්දු 38 කදී වේගවත් ලකුණු 49 ක් ලබා ගැනීමට අෂාන් රන්දික සමත් වූ අතර මුදිත ලක්ෂාන් නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තේය. ලහිරු සමරකෝන් කඩුලූ 3 ක් සහ අශාන් ප‍්‍රියංජන් කඩුලූ 2 ක් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment