නිරෝගී දිවියකට ආහාර ගත යුතු අයුරු

3148

ඔබ ආහාර ගනු ලබන්නේ කුමක් සඳහා දැයි කියා විමසුවහොත් ක්ෂණිකව ලැබෙන පිළිතුර වන්නේ ජීවත්වීම සඳහා යැයි කියාය.

එය යම් ප්‍රමාණයකට සත්‍යය වුව ද නිරෝගීව ජීවත්වීම සඳහා පෝෂ්‍යදායී ආහාර අවශ්‍යය. එනම් කාබෝහයිඩ්‍රේට්ස්, මේදය, ප්‍රෝටීන්, ඛනිජ ලවන ආදිය සහිත සමබල ආහාර වේලක් ගත යුතුය.

මෙම ආහාරවල පෝෂණය අනුව අපගේ ජීවිතය නිරෝගීව පවත්වා ගත හැකිය.

● පිෂ්ඨය

සිරුරට අවශ්‍ය ශක්තිය ලැබෙන ප්‍රධාන පෝෂ්‍ය සංඝඨකයක් වන්නේ පිෂ්ඨයයි. එය බත්, අල, කොස්, දෙල්, ධාන්‍ය වර්ග මගින් ලබාගත හැකිය. මෙහිදී බත්වලට වඩා වැඩිපුර කවුපි, පරිප්පු, මුංඇට, කඩල වැනි ධාන්‍ය වර්ග ආහාරයට ගතහොත් ඉන් පිෂ්ඨයට අමතරව ප්‍රෝටීන් ද ලබාගත හැකිය. ධාන්‍ය වර්ගවල සියයට 60% ක් පිෂ්ඨය සහ සියයට 40% ක් ප්‍රෝටීන් ඇති බව හෙළි වී ඇත.

● මේදය

සිරුරට ශක්තිය ලැබෙන තවත් ප්‍රධාන පෝෂ්‍ය සංඝඨකයක් වන්නේ මේදයයි. පොල්තෙල්, තලතෙල්, අබතෙල් වැනි ශාකමය ආහාර මගින් සහ ඌරුමස්, හරක්මස්, කුකුල්මස් ආදිය මගින් ද සිරුරට මේදය ලබාගත හැකිය.

මෙහිදී මස් වර්ග මගින් මේදයට අමතරව ප්‍රෝටීන් ද ලැබේ.

● ප්‍රෝටීන්

අපගේ සිරුරේ මස්පිඩු වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය සංඝඨකයක් වන්නේ ප්‍රෝටීන්ය. සිරුරට ප්‍රෝටීන් අඩු වූ විට මස්පිඩු ක්ෂය වීම නිසා සිරුර වැහැරේ. එවිට කෙසඟ සිරුරක් ඇති වේ.

ප්‍රෝටීන් ලබාගත හැකි පහසුම ක්‍රමය වන්නේ බිත්තර, මස්, සෝයා වැනි ආහාර මගිනි. මෙවැනි පෝෂ්‍යදායී ආහාර වැඩිපුරම අවශ්‍ය වන්නේ වැඩෙන දරුවන්ටය. ඉන්පසු කය වෙහෙසවා වැඩ කරන අයටය. මැදිවියට පත්වූ විට කය වෙහෙසවා වැඩ නොකරන අයට මෙවැනි ආහාර විශාල ප්‍රමාණයක් අවශ්‍ය නැත. ඔවුනට තම ජීවන රටාව අනුව ආහාර වේල සකසාා ගත හැකිය.

පලතුරු වර්ග මගින් විටමින් ‘ඩී’ සහ විටමින් ‘සී’ පහසුවෙන් ලබාගත හැකිය. එහිදි වෙරළු, ලාවුලු, කටු ආනෝදා, අලිගැටපෙර, පේර, ජම්බු, දොඩම් ආදී පලතුරු වර්ග ආහාරයට ගත හැකිය.

මේ සියල්ල සමග දිනකට ජලය ලීටර් දෙකහමාරක්වත් පානය කිරීම අත්‍යවශ්‍ය වේ. එවිට ජීවත්වීම සඳහා ආහාර ගැනීමේ පිළිවෙත අර්ථවත් කරගත හැකි වේ.

නිරෝගී දිවියකට ආහාර ගත යුතු අයුරු

අගුලාන දුම්රියපොළ පාර ලියන්වෙල
ඍෂි නාඩි මධ්‍යස්ථානයේ ඍෂි නාඩි වෛද්‍ය මහාචාර්ය

වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment