නිවසට සිරිකත කැන්දන විස්මිත ශ්‍රී මහා ධන ලක්ෂ්මී බෙලි පිළිල

263

අතීතයේ විසූ අපේ පැරැන්ණන් බුදුන්, සඟුන්, දෙවියන් කෙරෙහි අපිරිමිත වූ භක්තියකින් කටයුතු කර ස්වභාව ධර්මයේද ආශිර්වාදය ලබා ගනිමින් නිදුක් නිරෝගීව වෙසෙමින් යහපත සලසා ගත්හ. බටහිර පරදේශක්කාරයන්ගේ ආක්‍රමණයන් සමගම, රට ජාත්‍යන්තරයට විවෘත වීමත් සමගම අප විසින් රැකගෙන ආ එම උතුම් සංස්කෘතික දායාදයන් සුනු විසුණු වී ගියහ. නවීන විද්‍යාවට ආවඩා අප ළඟා කරගෙන තිබෙන්නේ මොනවාද? ඊට වඩා අප නැතිකරගත් දෑ බොහෝය. කල්පනා කර බලන්න. ලෙඩ්ඩු ගොඩයි. ප්‍රශ්න ගොඩයි. ජීවත් වන්නේද මළකඳන් සේය. හැඟීමක් දැනීමක් නැති තිරිසනුන් වැනි මිනිසුන් බොහොමයක් අද සමාජයේ ඉන්නේය. පොහොය දිනයකටවත්, පන්සලකට, බෝධියකට යන් නැති සිංහල බෞද්ධයන් ඉන්න රටක් මේක. පොහොය දිනයට අරක්කු තැබෑරුම් වසන බැවින් ඊට කලින් දින පොහොය දිනයටත් එක්ක අරක්කු ගෙන යන නාමික මනුෂ්‍යයින් ඉන්න රටක් මේක. සත්ත්වයන්ගෙන් උතුම්ම උසස්ම කෙනා තමයි මිනිසා කියන්නේ. බුදුහාමුදුරුවෝ ක්‍රිස්තුස් වහන්සේ වුණේ දෙවියන් වුණේද මේ මනුෂ්‍යයන්මය. මනුෂ්‍ය මොළයට කළ නොහැක්කක් නොමැත. අනුන්ගේ දේවල් සොයමින් කේලම් කිය කියා කොටවමින් ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, රාගයෙන් ඇවිලෙමින් මිහිපිට අපායේ දැවෙන මිනිසුන් බොහොමයක් අද සමාජයේ රාජකාරී ස්ථානයෙන් වැඩපළේ ඉන්නේය. ඒවා විඳින ජීවිත නොව, විඳවන ජීවිතය. දෙවියන් පිහිට වන්නේ දෙවියන් වැනි මිනිසුන්ටය.

“ශ්‍රී මහා ධන ලක්ෂ්මි බෙලි පිළිල” යනු කුමක්ද සහ එහි ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳව යම් කෙනෙකු නොදන්නවා වෙන්න පුළුවන.

බෙලි වෘක්ෂය ශ්‍රී ලක්ෂ්මී දේවතාවියගේ දිව්‍ය විමානය හෙවත් වාසභවනය වන අතර එම නිසාම බෙලි වෘක්ෂය ඉමහත් පූජනීය ලෙස සැලකෙයි. එහි හට ගන්නා බෙලි පිළිල කෙරෙහි ලක්මී දේවතාවියගේ අසීමිත වූ ආකර්ෂණීය ශක්තිය විශේෂයෙන් බලපානු ලබයි.

ශ්‍රී කාන්තා හෙවත් ශ්‍රී මහා ධන ලක්ෂ්මී යෝගයෙන් ඉතාමත් කලාතුරකින් යෙදෙන ජ්‍යොතිෂයේ එන අති දුර්ලභ නක්‍ෂත්‍ර යෝගයකි. සෙනසුරු හිමි පුෂ නැකතෙහි පළමුවන පාදය – සෙනසුරාදා දවස – සෙනසුරු හිමි කුම්භ රවිය – සෙනසුරු තත්කාල හෝරාව – සෙනසුරු පංචම කාල හෝරාව ශනිට ස්වක්‍ෂේත්‍ර ලග්නයක් වූ සෙනසුරු හිමි කුම්භ රාශිය – ධනස්ථානය අයස්ථානය – උදාරාශී අධිපති වූ සෙනසුරු 10 වැන්නේද වශයෙන් ප්‍රසශ්ත අතිප්‍රබල යෝග බලයකින් මුහුර්ත්‍ය අති ප්‍රබල ලෙස යෙදෙයි.

අති පෞරාණික චිරාගත සම්ප්‍රදායානුකූලව ලක්ෂ්මී දේවියට පුද පූජෝපහාර දක්වා ඒ අතරින් බිමට පතිත නොවන අයුරින් බෙලි පිළිල නොළාගත යුතුය. එය බෙලි පිළිල ප්‍රධාන ශ්‍රී ලක්ෂ්මී අෂ්ටගන්ධ සුවඳ ධූපය, ශ්‍රී ලක්ෂ්මී රන් තැඹිලි තෙල්ද, පිරිසිදු පැන් වීදුරුවක් තුළින් ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගේ රුව දිස්වන තුරු හෝ පැන් භාජනයක් උතුරා යනතුරු (මෙය මන්ත්‍ර සිද්ධි ලැබුණු බවට ආධුනික මාන්ත්‍රිකයාට සාක්ෂි වේ,) ශ්‍රී මහා ලක්ෂ්මී ජීවම, මා රාජ තරංගනී, මහා භූවනාධිපතිය, මහා මාතාංගේශ්වරිය, මහා හෙණරාජය, මහා රාජ ගිංගිලියාව, මහා නෙයියෝරු බන්ධනය යනාදී සප්ත මහා ජීවම් බලයෙන් ලක්ෂ වාරයක් ජීවම් බල ප්‍රාණ පිහිටුවිය යුතුය.

තවද කැපිලි කෙටිලි කුහක කුරිරු දුදන අමාණුෂික පැතිකඩවලින් දුරස්ථව අවිහිංසාව,, අවංක බව, පිරිසිදු චරිතය, සත්‍යවාදී බව, යහපත් සංකල්පනාදී මානුෂික ගුණධර්මයන්ගෙන් සපිරුණ උදවියගේ සහභාගිත්වය මේ සඳහා අතිශයින්ම වැදගත් වන්නෙකි. ජ්‍යොතිෂය ගුප්ත විද්‍යාධාරි ප්‍රවීණයන් මගින් ශ්‍රී ලක්ෂ්මි යෝගයෙන් ‘බෙලි පිළිල’ දහස්වර, දස දහස්වර, ලක්ෂවර ජීවම්කොට පැළඳීම සර්වජන ආකර්ෂණයට, වෙළෙඳ ව්‍යාපාරිකයනට අනන්ත ගුණ සමුදායක් ලබාගත හැකි ක්‍රමවේයකි. සුබ මුහුර්තයට පෙර දින තුනක් උදේ සවස ජ්‍යොතිෂ ගුප්ත විද්‍යානුකූල චාරිත්‍රයන් ඉටුකොට බෙලි පිළිල නෙළීමද ජීවම් බල ප්‍රාණ පිහිටුවීමද විජය ග්‍රහණයෙහිලා බලපෑමකි.

බෙලි පිළිල ජීවන් කිරීමෙන් පසුව රන් සුරයක හෝ රන් ගෑ සුරයක හෝ පස්ලෝ සුරයක රන් තැඹිලි තෙල් සමඟ අඩංගු කොට නිසි ප්‍රකාර පුද පූජෝපහාර පවත්වා සෙත් ශාන්ති කොටගෙන පැළඳ ගැනීමද, අවශ්‍ය ස්ථානයක, පුදසුනේ කුඩා කරඬුවක බහා තැන්පත්කර ගැනීමද ශ්‍රී ලාංකේය ජනතාව අතර බහුලව කෙරෙන්නෙකි. එමෙන්ම සියලු ජීවම් පුද පූජා අවසානයේ ශ්‍රී මහා ලක්ෂ්මී දේවතාවිය ප්‍රධාන කොටගෙන පරිවාර සර්ව දේව මණ්ඩලය හා නවග්‍රහයන් උදෙසා මහා පුද පූජා පැවැත්විය යුතුය.

එලෙසින් ජීවම් බලප්‍රාණ පිහිටුවාගත් බෙලි පිළිල ශ්‍රී ලක්ෂ්මී දේවියන්ගේ ආකර්ෂණය හිමි පූජනීය වස්තුවක් සේ සැලකෙයි. එය ගජමුතු, කස්තුරි, දක්ෂිණාවෘත්ත සංඛ, අශ්වලාඩම්, නරිඅඟ, ගෝන අංතට්ටු ජීවම් මෙන් අතිශයින්ම දුර්ලභ පූජනීය කෞතුක වස්තුවක් මෙන් සලකනු ලබයි. එකී බෙලි පිළිල රන් හෝ රන් ගෑ හෝ පස්ලෝ අඟලේ හෝ අඟල් භාගයේ කුඩා සුරයක හෝ සර්වඥ ධාතුන් වහන්සේ හා සමානව රන් හෝ රිදී කුඩා කරඬුවක වඩා හිඳුවා පදිංචි ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයෙහි ආගමික වතාවත් සිදුකරනු ලබන ස්ථානයේ තැන්පත්කොට “ඕං ශ්‍රීං ක්ලිං මහා ලක්ෂ්මී ඒහි ඒහි සර්ව සෞභාග්‍යා දේහි දේහි මෙ ස්වහා” යන ශ්‍රී මහා ලක්ෂ්මී දැහැනින් 21 වර බැගින් දිනපතා උදේ සවස පුද පූජෝපහාර දැක්විය යුතුය.

නඩුවට කඩුවක් බඳුවූද, කුරිරු, කුහක, වෛර, ක්‍රෝධ ඊර්ෂ්‍යාකාර, අධර්මිෂ්ඨ, උම්මත්තක, පාපතර, ස්ත්‍රී පුරුෂ මර්දනයෙහිලාද, ධාරන ස්මෘතිය, අධ්‍යාපන, තුරඟ තරග විභාග විජයග්‍රහණයන් සඳහාද ව්‍යාපාරික දියුණුවට, කෘෂි සේවා අංශයන්හීද, ගුණාත්මක සාමකාමී, සහජීවනයද, දෙස් විදෙස් රැකියාලාභයන්ටද, විවාහ සබඳතා සඳහාද, ප්‍රභූ ජනයා මුණගැසී මෙහිලාද, සිඟිති දරු දැරියනට ආරක්ෂාව, සර්වජන වශීය ඇතිවන නවග්‍රහ අපල, මාරාන්තික මාරක, සෙනසුරු ඒරාශ්ඨක, ආත්ම දෝෂ, විනදෝෂ, අමනුෂ්‍ය දෝෂ, නිධන්ගත රෝගාබාධ, රැකියා, ව්‍යාපාර, දේපළ, වස්තු බාධක, නඩුහබ, සොර සතුරු කරදරය, දරු සම්පත්, උප්පත්ති බාධක, ඇස්වහ දෝෂ, සොහොන් කොත් දෝෂ, වාස්තු විද්‍යානුකූල දෝෂ, යාන වාහන බාධක, ප්‍රේම සබඳතා ප්‍රශ්න, පවුල් ජීවිතයේ ප්‍රශ්න යනාදී වූ අනන්ත ගුණ සමුදායකින් අනූන වූ මෙකී අති දුර්ලභ ශ්‍රී මහා ධන ලක්ෂ්මී බෙලි පිළිල භාවිතයෙන් ඔබට භවනාමී ශුද්ධාත්මයක් දියුණුවට, ආරක්ෂාවට ගෙන්වාගත හැකිය. මේ මොනදේ නැතිවුණත් ලද දෙයින් සෑහීමකට පත්ව තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකිය. චිරන් ජයතු “ශ්‍රී මහා ලක්ෂ්මී දේවියගේ පිහිට, ආරක්ෂාව, බැල්ම ලැබේවා”

ජ්‍යොතිෂ්‍ය ගුප්ත විද්‍යාධර
කොත්මලේ නාරද
ඩී. ලියනආරච්චි
38/7, සිංහල පාසල් මාවත, පූඬළුඔය.
දු.ක.0779579206.

advertistmentadvertistment
advertistmentadvertistment