නිහඩව නෙතු පියාගත් රගමඩලේ සැබෑ අම්මා…

827

සිනමාව පුංචි තිරය ස්වකීය ප‍්‍රතිභාවෙන් ඔප් නැංවූ හයිසින්ත් විජේරත්න නම් වූ ප‍්‍රවීණ රංග වේදිනිය ඉකුත්දා රිය අනතුරකින් සිය ජීවන ගමනට සමු දුන්නාය. 2009 වසරේදී ඇය සමග ‘දිවයින. සිනමා කලා අතිරේකයේ කළ පිළිසඳරකින් සැකසුණු මේ ලිපිය පළ කරන්නේ ඇය කලාවට කළ මෙහෙවර වෙනුවෙනි.

කලකට පස්සේ පසුගිය වසරේ ‘බට්ටි. ටෙලි නාට්‍ය ඔස්සේ බොහොම සංවේදී චරිතයකින් ඔබ අප අතරට පැමිණියා. එතැනින් පසු ඔබ ඔබ නැවතත් නිහඬයි?

මම වසරකට වතාවක් ජපන් යනවා මගේ එකම පුතා” ලේලිය මුනුබුරා මිනිබිරිය බලන්න. බට්ටි ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වෙනුවෙන්

එකදිගටම සහභාගි වුණ නිසා මගේ පුතා ළඟට යන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා බට්ටි ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලින් පස්සේ මම ජපන් ගිහින් පසුගිය දෙසැම්බර් 31 වැනිදා තමයි නැවතත් ලංකාවට ආවේ. ඒ නිසා

පසුගිය කාලයේදී කිසිම රංගන කටයුත්තකට සහභාගිවෙන්න ලැබුණේ නැහැ.

ලංකාවේ අම්මාගේ චරිතය නිරූපණය කරන ශිල්පිණියන් අතර ඔබ ප‍්‍රමුඛයි. මේ තරම් හොඳින් ඔබ ‘සැබෑ අම්මාව. නිර්මාණය කරගත්තේ කෙසේද?

මට සිනමාවට එක්වන්න ලැබීම මගේ ජීවිතයේ සැබෑ වෙනසකට මුල පිරුවා කියලයි මම හිතන්නේ. දෛවය මට නිවැරදි මාවත පෙන්වූවා. සීතා රෝහිණි රත්වත්තේ මහත්මිය නිෂ්පාදනය කරපු ‘පෙම්බර මධු. චිත‍්‍රපටයට අධ්‍යක්‍ෂ සුගතපාල සෙනරත් යාපා මහතත්තයා මාව තෝරා ගත්තා. 1977 අපි‍්‍රයෙල් මාසේ මේ චිත‍්‍රපටය තිරගත වුණා. විජය කුමාරතුංග” මාලනී ෆොන්සේකා” ගීතා කුමාරසිංහ” ටෝනි රණසිහ” රවීන්ද්‍ර රන්දෙණිය” ශාන්ති ලේඛා” මර්වින් ජයතුංග” ගාමිණී

නුගේගොඩ” සෝමසිරි දෙනිපිටිය ඇතුළු නළු නිළි සමූහයක් සමග ‘පෙම්බර මධු. චිත‍්‍රපටයේ රඟපෑමට මට අවස්ථාව ලැබුණා. ‘පෙම්බර මධු. හි මේනකා නමැති උප ප‍්‍රධාන චරිතයක් මට ලැබුණේ. මම ඒ චරිතය රඟපෑමට ගත කළ කාලය හරිම සුන්දරයි කියලයි මට හිතෙන්නේ. මුල්ම ටෙලි නාට්‍යය ඞී. බී. නිහාල්සිංහ මහත්මාගේ ‘දිමුතු මුතු. ඒ කාලේ වෙනකොට කොහොමත් මම සැබෑ ජීවිතේදීත් අම්මා කෙනෙක් වෙලා හිටියේ. එදා ඉඳලා අද වෙනකං මම වැඩියෙන්ම රඟපාලා තියෙන්නේ අම්මගේ චරිත. ඒ චරිතයේ ගුණාංග මගේ ඇෙඟ් තියෙනවා. ඒ කියන්නේ අනිත් ශිල්පිණියන්ගෙ එහෙම නැහැයි කියනවා නෙමෙයි. නමුත් මම නිතරම ඇන්ඳේ කතා කළේ හැසිරුණේ ‘සැබෑ අම්මා. කෙනෙකු වීමෙන් ලැබුණු අත්දැකීම්

කැටිකොටගෙන. ඒ නිසා මම සැබෑ ජීවිතයේදී මෙන්ම රංගනයේදීත් නිතරම ඒ ‘සැබෑ අම්මා. නිර්මාණය කර ගත්තා. ඒ කාලේ මට ලැබුණු හුඟාක් සංකර වගේම කොටට අඳින චරිත මම ප‍්‍රතික්‍ෂේප කළා. විවාහ වෙන්න කලින් සුළු සුළු චරිත කීපයක් රඟපාලා තිබුණත් සැබෑ ජීවිතේදී මව් පදවිය ලැබීමෙන් පසුව රංගනයට යොමු වීම” මම යම් සාර්ථකත්වයක් ලබලා තියෙනවනම් ඒකට හේතු වුණා කියලයි මගේ හැඟීම.

මේ හරහා රංගනය තුළ ඒකාකාරී රංගනයකට කොටු වුණා කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම රංගන ශිල්පිණියක් වෙනවා කියන හැඟීමෙන් ආව ගමනක් නෙමෙයි මම අද ඇවිත් තියෙන්නේ. මම කැමැත්තෙන් හිටියේ කන්‍යා සොහොයුරියක් වෙන්න. ඒත් තාත්තලා ඒකට ඉඩ දුන්නේ නැහැ.

ඒ අතර මගේ අක්කට තමයි රඟපාන්න ආසාව තිබුණේ. අක්කා එක්ක රූගත කරන තැන්වලට ගිහින් තමයි මටත් මුලින්ම රඟපාන්න අවස්ථාව උදා වුණේ. මුලදී අම්මලා මමවත් අක්කවත් රඟපානවට කැමැති වුණේ නැහැ. කොහොම වුණත් විවාහයෙන් පස්සේ මට නැවතත් රඟපාන්න ලැබුණා. ඒත් අක්කට නම් ඒ

අවස්ථාව ලැබුණේ නැහැ. දෙවියන් වහන්සේගේ

කැමැත්තට අවසානයේ මම මේ ක්‍ෂේත‍්‍රයට යොමුවුණා. ඒ නිසා එක චරිතයකට සීමාවී රඟපාන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඊට හේතුව තමයි අද මම පේ‍්‍රක්‍ෂක ආදරය ලබන කෙනෙක් වීම.

ඔබ බොහෝ කාලයක් ක්‍ෂේත‍්‍රයේ රැුඳී සිටින ශිල්පිණියක් හැටියට එදා සහ අද ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම අදට වඩා එදා ශිල්පීන් බොහොම සමගියෙන් හිටියා. ඒ කාලේ මම හුඟක්ම රඟපෑවේ චිත‍්‍රපටවල අදට වඩා පුදුමාකාර එකමුතුකමකින් අපි රඟපෑවේ. නමුත් මේ තරුණ ළමයි අතර එදා තිබුණ සමගිය අද දකින්න නැහැ. ඒක ඇත්තටම කනගාටුවට කරුණක්. නමුත් පෞද්ගලිකව අද බොහෝ තරුණ ළමුන් මට ගෞරව කරනවා. ආදරය කරනවා. ඒ වගේම හුඟක් දක්‍ෂ ළමයි අපි අතර ඉන්නවා. හිතාගන්න බැරි විදිහේ දක්‍ෂකම් ඒ ළමයි තුළ තියෙනවා. සමහරු තුළ සුළු සුළු අඩුපාඩු නැතුවා නෙමෙයි. නමුත් සමස්ථයක් විදිහට තරුණ පරපුර ගැන ලොකු වැරැුද්දක් කියන්න බැහැ.

අද බොහෝ රංගන ශිල්පීන් ‘රඟපාන. බව අපට පේනවා. දැනෙනවා. නමුත් එදා එහෙම නෑ. මේ වෙනසට හේතුව මොකක්ද?

එදා සහ අද අතර තිබෙන ලොකුම වෙනස තමයි ශිල්පීන්ගේ කැපවීම නොමැතිකම. දැන් මේ ක්‍ෂේත‍්‍රයට එන්න බොහොම ලේසියි. ඒ නිසා ඒක ඒ තරම් වටින්නේ නෑ. ඕනෑම දෙයක් කරන්න කැපවීම අවශ්‍යයි. රංගනයට කැපවිය යුතුයි. චරිතයට කැපවිය යුතුයි. එතකොට තමයි සාර්ථක චරිත නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. බොහෝ අය මේක කරන්නේ විලාසිතාවකට. එහෙමත් නැත්නම් ජනපි‍්‍රයත්වය උදෙසා. ඒ නිසයි අද හොඳ රංගනයක් ශිල්පීන් තුළින් මතු නොවන්නේ. චරිතය තුළ අපි ජීවත් වෙන්න ඕන. ඒකට සැබෑ ඕනෑ කමක් තියෙන්න ඕන. අනෙක් එක වේදිකාව හරහා මේ ක්‍ෂේත‍්‍රයට පිවිසෙන අය අඩුයි. වේදිකාවෙන් ලබාගන්නා පරිණත බව අද ශිල්පීන්ට නැහැ. ජීවිතය ගැන නම් හුඟක්ම තෘප්තිමත් වෙනවා. මගේ මහත්තයා අයිවන් විජේරත්න සමග එදා වගේම අදත් බොහොම ආදරෙන් සතුටින් ඉන්නවා. අනිත් පැත්තෙන් මට හොඳ පුතෙක් වගේම හොඳ ලේලි කෙනෙකුත් මුණුබුරෙක් හා මිනිබිරියක් ඉන්නවා. ජීවිතේ හැම පැත්තකින්ම සාර්ථකයි කියලා මම හිතනවා. ඒ අතරතුර සමාජ සේවා කටයුතුවලත් මම නිරතවෙලා ඉන්නවා.

(මීට කලකට ඉහතදී හයිසින්ත් විජේරත්න මහත්මියගේ සැමියාද අභාවප‍්‍රාප්ත විය.)

හයිසිනිත් විජේරත්න රංගවේධිනියට අපි නිවන්සුව පතමු…


ලක්මිණි අතුකෝරල

advertistmentadvertistment
advertistmentadvertistment