පන්ජාබ් පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසෙන් අවි ආයුධ තොගයක් සොයා ගනී

347

ඉම්රාන්ගේ ආධාරකරුවෝ ඉස්ලාමාබාද් අධිකරණ ගොඩනැඟිල්ල ගිනි තබා වනසති. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසේ ප්‍රධාන දොරටුව බුල් ඩෝසරයක් යොදා කැඩූ පන්ජාම් පොලිසිය නිවසේ සඟවා තිබූ කාලෂණකෝට් ගිනිඅවි රැසක්ද පතරොම් විශාල සංඛ්‍යාවක් සහ මොලටොම් කොන්ටේල් පෙට්‍රල් බෝම්බ තොගයක් ද සොයාගෙන ඇත.

පන්ජාබ් පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසෙන් අවි ආයුධ තොගයක් සොයා ගනී

ඉම්රාන්ගේ ආධාරකරුවෝ ඉස්ලාමාබාද් අධිකරණ මන්දිරයට ගිනි තබා මහත් විනාශයක් සිදුකර තිබේ. මේ පිළිබඳව 61 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තාන් පොලිසියට මේ වනතුරු ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇත. මේ අතර ඉම්රාන්ගේ තවත් ආධාරකරුවන් 102 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඉස්ලාමාබාද් සහ ලාහෝර් යන නගරවල ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම්වලදී පොලිස් භටයන් 52 කට තුවාල සිදුවී ඇති අතර පොලිස් වාහන රැසකට බරපතළ හානි සිදුවී ඇත. මෙම සිදුවීම් ගැන රජයේ ප්‍රකාශකයකු පැවසුවේ ඉම්රාන්ගේ ටී ටී අයි පක්‍ෂය ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියාකරන බවයි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment