පරණ කොටස් එකතු කරගෙන පාපැදියක් තනාගන්න වෙර දරන උතුරේ වැසියෝ!

534

යාපනයේ පාපැදියක් රු. ලක්‍ෂයත් ඉක්මවලා

යාපනයේ පාපැදියක මිල මේ වනවිට රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

යාපන වැසියන්ගේ ගමනාගමන පහසුකම් ලබා ගැනීමේ ඉතාම ජනප්‍රිය වාහනය පාපැදිය වූයේ වර්තමානයේ රටේ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සමගම නොව මීට වසර ගණනාවකට ඉහත සිටය.

මේ වනවිට රුපියල් ලක්ෂයකට පාපැදියක් මිලට ගැනීමට නොහැකි යාපනයේ ජනතාව තැන් තැන්වල පිහිටි පරණ යකඩ එකතු කරන වෙළෙඳ සැල්වලින් පරණ පාපැදිවල කොටස් මිලටගෙන පාපැදියක් එකලස් කර ගැනීමට මේ දිනවල දරන්නේ අපමණ වෙහෙසකි.

එම පරණ පාපැදියක මළකඩ කෑ රාමුවක් වුවද මේ දිනවල අලෙවි වන්නේ රුපියල් 20,000 ත් 25,000 ත් අතර මිලකටය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment