ප්‍රංශ ශ්‍රී ලංකා නව පරිච්ඡේදයක ඇරඹුම

208

තවද ඓතිහාසික වශයෙන්, ප්‍රංශ සම්බන්ධතාව ඉන්දියන් සාගර දූපත් වන සීෂෙල්ස් සහ මොරිෂස් රාජ්‍ය දෙකට බලපා තිබුණි. ප්‍රංශය සමීප මිත්‍රත්වයක්, සහයෝගීතාවයක් සහ අසල්වැසි ප්‍රතිපත්තියක් ඉන්දියන් සාගර දූපතක් වන ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යයි. ප්‍රංශය ශ්‍රී ලංකාව සමඟ පුළුල් පරාසයක සහයෝගීතාව වර්ධනය කිරීම තුළින් කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරයි.

ලෝක බලවතුන් සහ ඉන්දියානු සාගර දූපත් රාජ්‍යයන් අතර බල සබඳතා අන්තර් යැපීම මගින් පරිවර්තනය වේ. දශක කිහිපයක් පුරාවට ප්‍රංශයේ විදේශ ප්‍රතිපත්තිය රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් සහ මූලධර්ම මත පිහිටුවා ඇත. ප්‍රංශය ඉන්දු – පැසිෆික් කලාපයේ බලවතෙකි. ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර පස් දෙනා අතර ආසනයක් හිමි රටක් වීමද, යුරෝපීය සංගමයේ ප්‍රධාන බලවත් සාමාජිකයෙක් වීම ජාත්‍යන්තර සබඳතාවල වැදගත් සාධකයකි. විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ කුඩා දූපත් ආශ්‍රිතව ඉන්දියන් සාගර කලාපීය බලවතෙකු ලෙස ප්‍රංශය මතුවෙමින් තිබේ. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් යනු ගෝලීයවාදී ජනාධිපතිවරයෙකි. ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් යටතේ ප්‍රංශයේ පැරණි රාජ්‍යතාන්ත්‍රික කීර්තිය නැවත වරක් තහවුරු කර ඇත. ප්‍රංශ ජනාධිපතිගේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රංශ අවශ්‍යතා පමණක් ආරක්ෂා කිරීම නොව, ඉන්දියන් සාගර දූපත්වල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීම ඔහුගේ සූදානම විය. වර්තමානයේ ඉන්දියානු සාගර කලාපයේ ශීඝ්‍රයෙන් වෙනස් වන භූ දේශපාලනික තත්ත්වය හේතුවෙන්, ඉන්දියානු සාගර දූපතක් වන ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට ප්‍රංශය උත්සාහ දරන බව පෙන්වයි.

ජනාධිපති මැක්‍රොන් ශ්‍රී ලංකාවට පැමිණීම

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සනිටුහන් කිරීමට දකුණු පැසිෆික් කලාපයට කළ සංචාරයෙන් පසු ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් ජූලි 28 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. ප්‍රංශ ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය විය. ජනාධිපති මැක්‍රෝන් සමග යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොන්නා, විදේශ කලාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෆිලිප් විජියර් ප්‍රංශ දූත පිරිසට ඇතුළත් වූහ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, “ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත, විස්තීර්ණ සහ සමෘද්ධිමත් ඉන්දු – පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි: කොළඹදී අපි එය තහවුරු කළා: අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු” යනුවෙන් සඳහන් කර තිබුණි. ඉදිරි වසරවලදී පැරිස් සහ කොළඹ අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාව සඳහා අසීමිත අපේක්ෂාවන් සහ අවකාශයන් ඇත.

ශ්‍රී ලංකාවට ප්‍රංශ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ප්‍රංශ සහාය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවට සිව්වන විශාලතම ණය දෙන රට ලෙස ප්‍රංශය දිවයිනේ ආර්ථික අර්බුදය ජය ගැනීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහයෝගිතාව ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබුණි. පැරිස් සංගමයේ ප්‍රධාන සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව සහ ප්‍රංශය එකම ඉලක්කයක් දෙසට යන ඉන්දියන් සාගරයේ රටවල් දෙකකි. මන්දයත් ඉන්දියන් සාගර දූපතක් වන ලා රියුනියන් ප්‍රංශ රටකි. ප්‍රංශයේ තුන්වන විශාලතම නාවික කඳවුර ලා -රියුනියන් දිවයිනේ පිහිටා ඇත. තවද ඓතිහාසික වශයෙන්, ප්‍රංශ සම්බන්ධතාව ඉන්දියන් සාගර දූපත් වන සීෂෙල්ස් සහ මොරිෂස් රාජ්‍ය දෙකට බලපා තිබුණි. ප්‍රංශය සමීප මිත්‍රත්වයක්, සහයෝගීතාවයක් සහ අසල්වැසි ප්‍රතිපත්තියක් ඉන්දියන් සාගර දූපතක් වන ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යයි. ප්‍රංශය ශ්‍රී ලංකාව සමඟ පුළුල් පරාසයක සහයෝගීතාව වර්ධනය කිරීම තුළින් කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරයි.

මීට අමතරව, යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් (වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය) සහනයෙන් විශාල වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රතිලාභ ලබා ඇත. යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් සහන ක්‍රමය රඳවා ගැනීමට ප්‍රංශයේ සහාය ඉතා වැදගත් වේ. වර්තමානයේ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සමීපව බැඳී ඇත. 2022 දී ප්‍රංශයට ශ්‍රී ලංකාවේ අපනයන 4.61% කින් ඉහළ ගොස් ඇත. මීට අමතරව ප්‍රංශ එයාර්බස් කර්මාන්තය

ශ්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට නවීන එයාර්බස්, ගුවන් යානා 24කින් සමන්විතය. ප්‍රංශ එයාර්බස් 330-300 , 330-200 සහ 320 ගුවන් යානා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇතුළත්ය. අධ්‍යාපනික අංශය විශ්ලේෂණය කරන්නේ නම් ප්‍රංශ භාෂාව ප්‍රමුඛ යුරෝපීය භාෂාවකි. අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ගුරුවරුන් 150 දෙනකු සිසුන් 11,000 කට ප්‍රංශ භාෂාව උගන්වයි. තවද 1979 සිට කොළඹ ප්‍රංශ ජාත්‍යන්තර පාසල ප්‍රංශ විෂය මාලාව යටතේ ක්‍රියාත්මක වේ. ප්‍රංශය ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කර ඇති බව පැහැදිලිය.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය

මෙම විශ්ලේෂණය සාරාංශගත කරන විට, වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර උපාය මාර්ගික සබඳතා ක්‍රමානුකූලව ශක්තිමත් වෙමින් පවතී. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙම රාජ්‍ය තාන්ත්‍රිකභාවය තවදුරටත් ශක්තිමත් කළේය. ප්‍රංශ විදේශ ප්‍රතිපත්තියේ වැදගත් මූලධර්ම ශ්‍රී ලංකාව වැනි ඉන්දියානු සාගර දූපත් කෙරෙහි ආශිර්වාදයක් වී ඇත.

ප්‍රංශ ශ්‍රී ලංකා නව පරිච්ඡේදයක ඇරඹුම

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment