ප්‍රචණ්ඩ නාඩි සක්‍රීය වීම

109

කුදර් කයිනාද ප්‍රචණ්ඩ, උන්මත්තක, විලම්බීත, නොසන්ඩාල නාඩි ප්‍රකෘති හේ… විනාසං මනුස්සා… ලෙසින් සෘෂි නාඩි වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

එසේ සඳහන් කර ඇත්තේ යම් පුද්ගලයකුගේ ප්‍රචණ්ඩ නාඩිය, උන්මත්තක නාඩිය, විමලම්බීත නාඩිය සහ නොසන්ඩාල නාඩිය ක්‍රියාකාරී වුවහොත් එම තැනැත්තා විනාශ වන බවය.

මෙම නාඩි ප්‍රකෘති වන්නේ පුද්ගලයාගේ හැසිරීම් රටාව අනුවය. එහිදී බාහිර සාධක ද ඊට අනියම් අයුරින් උපකාරි වේ. එනම් සමාජය තුළ දූෂණ, අපරාධ, ප්‍රචණ්ඩත්වය පාලනය නොවී පවතින විට ජනතාවගේ යටිසිත ක්‍රියාකාරී වීමට පටන් ගනී.

අප බොහෝ දෙනාගේ යටිසිත ක්‍රියාකාරී වන්නේ, ඔවුන් ජීවත්වන පරිසරය බාහිර පුද්ගලයන්ගේ පාලනයකින් තොරව තමාට අවශ්‍ය පරිදි පාලනය කිරීමට අවස්ථාව උදාවන විටදීය.

පසුගිය දිනවල රට පුරා වෙඩි තැබීම්, පුද්ගලයන් ඝාතනය කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය. එක් දිනකදී පුද්ගලයන් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මේ ඝාතනවලට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ගැටුම් විය. මත්ද්‍රව්‍ය ජාවාරම යනු නීති විරෝධී ක්‍රියාවන්ය. නමුත් මෙවැනි ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව විවිධ සංවිධාන ක්‍රියාකිරීම නිසා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අඩපණ විය. ඉන් නීතිය ක්‍රියාත්මකවීම අඩපණවීමත් සමඟ මත් ජාවාරම්කරුවන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට පසුබිමක් සමාජයේ උදාවිය. එවිට ඔවුන්ගේ යටි සිතේ සැඟවී තිබූ ප්‍රචණ්ඩ, උන්මත්තක, විලම්බීත, නොසන්ඩාල නාඩි සක්‍රිය වන්නට විය.

ඒ අනුව සෘෂි නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව මෙවැනි අහිතකර නාඩි ප්‍රකෘති වීම පාලනය කිරීම සඳහා සමාජයේ ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේම මෙවැනි පුද්ගලයන් සන්සුන් කිරීම සඳහා ආගමට දහමට වැඩි නැඹුරුවක් ඇති කළ යුතුය.

එසේම මෙවැනි පුද්ගලයන් ප්‍රචණ්ඩත්වයට පත්කරන මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදිය භාවිතයෙන් ඉවත් කළ යුතුය.

මස් මාංශ භාවිතය සීමා කළ යුතුය.

නිතරම ශීතල ගුණයෙන් යුත් ආහාර වර්ග වැඩිපුර ලාබාදිය යුතුය. එනම් පතෝල, කැකිරි දියලබු ආදියත් කටු ආනෝද, වැළ, වරකා වැනි පලතුරු වර්ගත් නිතර ආහාරයට ලාබාදිය යුතුය.

ප්‍රචණ්ඩ නාඩි සක්‍රීය වීම

අගුලාන දුම්රියපොළ පාර ලියන්වෙල ඍෂි නාඩි මධ්‍යස්ථානයේ ඍෂි නාඩි වෛද්‍ය මහාචාර්ය

වෛද්‍ය

ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment