ප්‍රියමාලිගේ සමාගමේ ‘පාට් ටයිම් ජොබ්’ කළ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

1196

අමතර රැකියාවක් ලෙස තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය ආයතනයේ රාජකාරි කළ බව කියන පොලිස් නිලධාරීන් පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම විමර්ශනවලදී පරීක්‍ෂණ කණ්ඩායම්වලට කිසිවකු බලපෑම් කළහොත් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඒ පිළිබඳවද නීත්‍යනුකූලව පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

මෙම මූල්‍ය ආයතනය සමග ඇතැම් පොලිස් නිලධාරීන් කළ කතාබහ ඔස්සේ තොරතුරු අනාවරණය කර ගැනීමට එම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවද එම නිලධාරියා පැවසීය. මෙම මූල්‍ය ආයතනය සම්බන්ධව සිදු කළ දුරකථන කතා බහ, පරිගණක තොරතුරු, බැංකු ගිනුම් තොරතුරු රහස් පොලිස් විමර්ශනවලට ඉතාමත් වැදගත් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට පැවසීය.

නෝමන් පළිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment