පාකිස්තානයේ ආර්ථික අර්බූදය උග්‍ර අතට

168

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ඉදිරි සති කිහිපයේදී ආරම්භ නොවුණහොත් පාකිස්තාන ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයේ ණය වැඩසටහන තවදුරටත් පමා කරන්නේ නම් තමන් ද තවදුරටත් ණය ලබානොදෙන බවට සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම පාකිස්තානය ද වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට උනන්දු විය යුතු බව එරට මාධ්‍ය ද වාර්තා කරයි. පාකිස්තානයේ මිත්‍ර රටවල් ද ඒ බව එරට අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

මේ වනවිට පාකිස්තානයේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ද පවතින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකය.

advertistmentadvertistment
advertistmentadvertistment