පාසල් ලීග් ශූරතා අවුරුදු 19 න් පහළ රග්බි තරගාවලිය -කොළඹ ඉසිපතන සහ ඩී. එස්. සේනානායක අද සටනට

113

ඩයලොග් පාසල් ලීග් ශුරතා අවුරුදු 19 න් පහළ රග්බි තරගාවලියේ ප්‍රමුඛ පෙළ සටනේ සිව් වැනි සතිය ආරම්භ කරමින් කොළඹ ඉසිපතන සහ ඩී. එස්. සේනානායක විදුහල කොළඹ හැව්ලොක්ස් පිටියේ දී අද (07 වැනිදා) තරග වැදීමට නියමිතය.

එම තරගය අද ප.ව. 04.15 ට ආරම්භ වන අතර තරග 03 ක් සෙනසුරාදා (08) දිනයේ දී ද තවත් තරග 02 ක් ඉරිදා (09) දිනයේ දී ද ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ.

මෙම සති අන්තයේ තරග සැලසුම

2023.07.07. (සිකුරාදා)
● ඉසිපතන සහ ඩී. එස්. සේනානායක අතර කොළඹ හැව්ලොක්ස් පිටියේ දී.

2023.07.08. (සෙනසුරාදා)
● විද්‍යාර්ථ සහ ධර්මරාජ අතර බෝගම්බර පිටියේ දී.
● රාජකීය සහ සහිරා අතර රීඩ් මාවත රාජකීය පිටියේ දී.
● ත්‍රිත්ව සහ ශාන්ත පීතර අතර පල්ලේකැලේ දී.

2023.07.09 (ඉරිදා)
● කිංග්ස්වුඩ් සහ ශාන්ත ජෝශප් අතර පල්ලේකැලේ දී.
● වෙස්ලි සහ ශාන්ත අන්තෝනී අතර රීඩ් මාවත රාජකීය පිටියේ දී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment