පාස්කු විවාදයට මන්ත්‍රීන් දැනුවත් කරන්න නිලන්ත ගෙන්වන්න ලැජ්ජා නැද්ද – කිරිඇල්ල අසයි

338

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වීමට නියමිත විවාදයට මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගෙන්වන වැඩසටහනට විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) විරෝධය පළ කළේය.

මෙම ප්‍රහාරය සම්බන්ධ පොලිස් විමර්ශන පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) සවස 2.30ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කථානායකවරයා ඊයේ පෙරවරුවේ සිය නිවේදන යටතේ සභාව දැනුවත් කළ අතර එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරෝධය පළ කළේය. එහිදී ඇති වූ සංවාදය මෙසේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කියල තියෙන්නේ නිලන්ත ජයවර්ධනට වහාම නඩු දාන්න කියලා. ඒත් නඩු දැම්මේ නෑ. එයාට උසස්වීම් දුන්නා. දැන් එයා තමයි අපිට උපදෙස් දෙන්න එන්නේ. ලැජ්ජා නැද්ද ?

කථානායක – මම කරන්නේ නිවේදනයක් පමණයි

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග – මේ වාර්තාවේ කිසිම අවස්ථාවක කියල නැහැ උපදෙස් දෙන්න එනව කියලා. එතුමන්ලට කැමති නම් සහභාගී වෙන්න පුළුවන්. අකැමැති නම් සහභාගී නොවී ඉන්න පුළුවන්. ඔබතුමන්ලා වගකීමක් දරන විපක්ෂයක් විදියට ජනතාව නොමඟ යවන කරුණු කියන්න එපා. මෙතුමන්ලා රටට වැරදි අවබෝධයක් දෙන්න හදනවා. දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන බව මේකෙ පැහැදිලිව සඳහන් වෙනවා. වාර්තාව කියෙව්ව නම් තේරෙයි. ඔය කියන කාරණා මෙතන අහල තමන්ට නිවැරදි කරගන්න පුළුවන්. මේ ප්‍රහාරය සිද්ධ වුණේ මෙතුමන්ලගෙ කාලයේ. වැරදි පණිවිඩයක් රටට දෙන්න එපා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment