පි‍්‍රයන්තගේ දේහය ගැන ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක්: මෘත දේහය ගණේමුල්ලේ නිවසට

208

පාකිස්තානයේ ෆයිසල්බාද්හි රාජ්කෝ ඇඟලූම් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී කුරිරු ආගමික අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ඉංජිනේරු පි‍්‍රයන්ත කුමාර දියවඩනගේ (49) මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් නෙල්සන් කුමාරණායක මහතාගේ නියෝගය මත මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවිශේෂඥ ඉලංගරත්න සහ කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන යන වෛද්‍යවරුන් විසින් පවත්වන ලදී.

මෙහිදී මෘත ශරීරය වැඩබලන මහෙස්ත‍්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව දේහය පිළිස්සී හඳුනාගත නොහැකි බැවින් දේහය සම්බන්ධයෙන් ඞී.එන්.ඒ. පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණය වෙත යොමුකරන ලෙසටත් ඒ මහතා උපදෙස් ලබාදුන්නේය.

පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු දේහය ළඟම ඥාතීන්ට භාරදෙන ලෙසටත් වැඩබලන මහෙස්ත‍්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා තවදුරටත් නියෝග කළේය. මෙහි ආරක්‍ෂක කටයුතු නිරීක්‍ෂණය කරනු ලැබුවේ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා සහ කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන් විසිනි. ඊයේ (7 දා) අලූයම 2.00 ට පමණ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු දේහය ඥාතීන් විසින් ගනේමුල්ල වැලිපිහිල්ල ප‍්‍රදේශයේ ඇති පි‍්‍රයන්ත මහතාගේ නිවස වෙත ගෙනයන ලදී.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment