පුංචි මන්ත්‍රීන් අඩු කිරීමට කොට්ඨාස සීමා නිර්ණ ජාතික කමිටුවක්

69

පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස සීමා නිර්ණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික කමිටුවක් පත්කර තිබේ.

පළාත් සභා හා පළාත් පාලන විෂය භාර ඇමැති, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට පැවරී ඇති බලතල අනුව මෙම කමිටුව පත්කර ඇත.

2012 වසරේ පළාත් පාලන කොට්ඨාස නිර්ණය කමිටුවේ හිටපු සභාපති ජයලත් රවි දිසානායක, හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්. එම්. එම්. ආර්. අධිකාරී, හිටපු මිනින්දෝරු අධ්‍යක්‍ෂ ජනරාල් කේ. තවලිංගම් සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරි අයි. ඒ. හමීඩ් යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

නොවැම්බර් 01 වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා මෙම පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ ජාතික කමිටුව ක්‍රියාත්මක කෙරේ. දැනට පළාත් පාලන මන්ත්‍රීවරුන් 8000 කට අධික පිරිසක් සිටින අතර එය අඩකට (4000 පමණ) අඩුකර ගැනීම රජයේ අපේක්‍ෂාව වී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment