පුත්තලම මූලික රෝහලේ සිව් නිවුන් උපතක්

268

අම්මාගේ තත්ත්වය අනුව අපි වගකීම භාරගෙන අභියෝගය ජයගත්තා
– නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් සමරසිංහ

පුත්තලම රෝහලට ඇතුළත් කළ තරුණ මවක් සිසේරියන් සැත්කමින් පසු සිව් නිවුන් දරු උපතක් සිදුකර තිබේ.

මෙය ඇයගේ ප්‍රථම දරු ප්‍රසුතියයි. සිසේරියන් සැත්කමින් පසු බිළිදෙකු හා බිළිදියන් තිදෙනෙකු උපත ලබා ඇති බවත් එම දරුවන් සිව් දෙනාම

නිරෝගීව පසුවන බවද පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම සිව් නිවුන් දරු උපත සිදුව ඇත්තේ පුත්තලම පාලවිය, කරඹ, මුස්නියාපුරම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණ මවක් වන අතර මෙය ඇයගේ ප්‍රථම දරු ප්‍රසුතියයි. දරුවන්ගේ පියා විදේශ රටක සේවයේ නියුතුව සිටින බව මව සඳහන් කළාය.

පුත්තලම මූලික රෝහලේ සිව් නිවුන් උපතක්

පුත්තලම මූලික රෝහලේ දී සිදුවු වසර 70 වකට ආසන්න පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ සිදු වූ පළමු සිව් නිවුන් දරු උපත මෙය බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම බිළිදුන් අතරින් පිරිමි දරුවා කිලෝ එකයි ග්‍රෑම්ස් හයසිය තිස්පහක් බවත් බිළිදියන් පිළිවෙළින් කිලෝ එකයි ග්‍රෑම්ස් හයසිය පනස් පහයි (1.655) කිලෝ එකයි ග්‍රෑම්ස් හාරසිය හෑත්තෑවයි, (1.470) කිලෝ එකයි ග්‍රෑම්ස් තුන්සිය හතළිස් පහයි (1.345) ලෙස බර ප්‍රමාණයන්ය.

පුත්තලම රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් සමරසිංහ මහතා හා නාරි හා ප්‍රසව ඒකකයේ වෛද්‍ය හා හෙද හා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම සිව් දරු නිවුන් උපත සඳහා තම දායකත්වය දක්වා තිබුණි.

මෙහිදි මාධ්‍යයට අදහස් දැක්වු නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් සමරසිංහ මහතා:

ඇත්තටම මගේ වෛද්‍ය ජීවිතයේ සිසේරියන් සැත්කමින් කළ පළමු සිව් නිවුන් දරු උපත මෙයයි. මේ සඳහා මගේ කාර්ය මණ්ඩලයේ සියලුදෙනාගේම පුර්ණ දායකත්වය ලබා දුන්නා.

පුත්තලම මූලික රෝහලේ ඇති අවම පහසුකම් මැද තමයි මේ දරුවන්ට හා මවට කිසිදු හානියක් නොවන අන්දමින් සිසේරියන් සැත්කමින් සාර්ථක උපතක් සිදු කළේ. එය මට ලැබීම සතුටක්.

ඇත්තටම අම්මාගේ තත්ත්වය අනුව ඇයව වෙනත් රෝහලකට යවන්න අමාරු වුණා. ඒ අනුව අපි ඒ අභියෝගයට මුහුණදීල වගකීම භාරගෙන මේ ජීවිත පහම බේරා ගත්තා.

මේ සම්බන්ධව අදහස් දක්වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජයවර්ධන මහතා :

“මේ දරුවන් ඉතාම නිරෝගී මට්ටමක මේ වනවිට ඉන්නවා. බර පිළිබඳවත් ගැටලුවක් නැහැ. නිරන්තරයෙන් අපේ අධීක්ෂණය දරුවන්ට යොමු කරනවා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment