පෙනහළු රැකගැනීමට ගත හැකි පියවර…

1087

පෙනහළුවල කි‍්‍රයාකාරීත්වය හොඳින් වර්ධනය සඳහා දිනපතා අවදිවූ විට ගැඹුරු හුස්ම දහයක් ගැනීමට යොමුවීම කළ හැකිය
 
 මේ දිනවල අප කොයිකාගේත් අවධානය යොමුව ඇත්තේ කොරෝනා වෛරස රෝග වසංගතය ගැනය. මෙම රෝගය පෙනහළුවලට බලපෑම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවී රෝගය උත්සන්න වීම සිදුවේ. එසේම නව වෛරස ප‍්‍රභේදයක් මගින් කොරෝනා නිව්මෝනියා රෝගය ඇති කරන බවද හඳුනාගෙන ඇත. ඉන් මියයන පිරිසද වැඩිය. මෙම තත්ත්වය හමුවේ අප කොයි කවුරුත් අපගේ සිරුරේ නිරෝගී බව මෙන්ම පෙනහළු ආරක්‍ෂා කර ගැනීමට වඩා අවධානය යොමු කළ යුතුය.

වෛද්‍ය තුමනි, අපගේ  ස්වසන පද්ධතියේ ඇති ප‍්‍රධානම ඉන්ද්‍රියය වන පෙනහළු ආරක්‍ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?
 
 මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් සිරුරේ ඉන්ද්‍රියයන් ගැන පවසන විට පෙනහළු දෙක සම්බන්ධව පවසා ඇත්තේ සමනළයෙක් වැනි ලස්සන අවයවයක් වන මෙය ඉතා පරෙස්සමට රැකබලා ගත යුතු බවය.
 

This image has an empty alt attribute; its file name is weda14-2.jpg

 අප කාගේත් ජීවිතය රඳා පවතින්නේ සිරුරට ලැබෙන ඔක්සිජන් මතය. පරිසරයෙන් ලබාගන්නා එම ඔක්සිජන් වාතය පිරිසිදුකර ශරීරයට අවශ්‍ය පරිදි ලබා දෙන්නේ පෙනහළු මගිනි.
 
 එනිසා මෙම අවයවයේ දුර්වලතාවයක් ඇතිවූ විට ඉන් සිරුරට ලැබෙන පෝෂණය අඩුවී යයි. එනම් ඔක්සිජන් ලබාදීම අඩුවේ. වර්තමානයේ අප කොරෝනා රෝගයෙන් ආරක්‍ෂා වීමට මුව ආවරණ පැළඳ සිටීම මගින් පෙනහළු දෙකටද ආරක්‍ෂාවක් ලැබේ. එනිසා මේ දිනවල බොහෝ දෙනාට හතිය, ඇදුම, වැනි ස්වසන රෝග වෙනදා මෙන් උත්සන්න වීම දැකිය නොහැකිය. එනිසා නිතරම මුව ආවරණ පැළඳ සිටීම මගින් කොරෝනා රෝගයෙන් ආරක්‍ෂාවට මෙන්ම පෙනහළුවලටද ආරක්‍ෂාව ඇතිවේ.
 
 පෙනහළුවල කි‍්‍රයාකාරීත්වය හොඳින් වර්ධනය සඳහා දිනපතා අවදිවූ විට ගැඹුරු හුස්ම දහයක් ගැනීමට යොමුවීම කළ හැකිය. එවිට රාති‍්‍රයේ විවේකීව පැවැති පෙනහළු යුගලට මෙය හොඳ ව්‍යායාමයකි. මෙය දිනපතා කිරීම මගින් පෙනහළුවල කි‍්‍රයාකාරීත්වය වඩා වර්ධනය කර ගැනීම මෙන්ම එහි කි‍්‍රයාකාරීත්වය හොඳින් පවත්වාගෙන යෑමටද පිළිවන.
 
 නිතර සෙම් රෝග සහ පීනස රෝගවලින් පීඩා විඳින අය උදේ සවස උණුසුම් ජලය පානය මෙන්ම උණුසුම් ජල වාෂ්ප (හුමාලය* පෙනහළු වෙත ගමන් කරන ලෙස ආශ්වාස කිරීමද ඉතා ගුණදායකය. මෙමඟින් පෙනහළුවල බැඳී ඇති සෙම ඉවත්වේ. එනිසා නිව්මෝනියා වැනි රෝග ඇතිවීමට ඇති ඉඩකඩද අඩුකර ගත හැකිය. දුම්පානය පෙනහළුවලට ඉතා හානිකරය. එනිසා කවර හෝ දුම්වැටියක් පානය පෙනහළුවලට හිතකර නැත.
 
 වෛද්‍ය තුමනි, ඇතැම් දෙනා සෙම අඩුවීම සඳහා විවිධ ඖෂධ වර්ග පානය කරති. ඉන් ලැබෙන ප‍්‍රතිඵලය කෙසේද?
 
 ඕනෑම ඖෂධයක් පානය කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මතය. එසේ නොමැතිව විවිධ මාත‍්‍රාවන්ගෙන් යුත් ඖෂධ යොදා සාදන ඇතැම් බෙහෙත් වර්ග නිසා වකුගඩුවලට හානි සිදුවේ. දියවැඩියා රෝගය වැඩි කරයි. කෙසේ වෙතත් දිනපතා වෙනිවැල්ගැට කොත්තමල්ලි වැනි ඖෂධ තම්බා පානය, වැල්මී ආහාරයට ගැනීම, මී පැණි, කළු උක් යුෂ පානය මගින් පෙනහළුවල ඇති සෙම වියළා දැමීමට හේතුවේ. මෙම ඖෂධ උදේ සවස ලෙස දවසට දෙවරක් ගැනීම සුදුසුය.
 
 හතිය, ඇදුම වැනි නිධන්ගත ස්වසන රෝග ඇති අය මේවා ගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස්වලිනි. ඇතැම් පුද්ගලයන්ට මෙම ආහාර ආසාත්මික විය හැකිය. විශේෂයෙන්ම හුමාලය ඇල්ලීමේදී ඇතැම් අය දෙහි කොළ, කහ, වෙනිවැල්ගට ආදිය මිශ‍්‍ර කරයි. නමුත් මේවා ඇතැම් අයට ආසාත්මිකය. විශේෂයෙන්ම ඇදුම වැනි රෝග ඇති අයට මේවා ආසාත්මික වීමට ඇති ඉඩකඩද වැඩිය. එනිසා රෝග පාලනයට අත් බෙහෙත් ගැනීමේදී වඩා සැලකිලිමත්ව එය කළ යුතුයි. පෙනහළු ආශී‍්‍රතව රෝග ඇති අය වම්බටු, තක්කාලි, සාඩින් අච්චාරු වැනි ආහාර වර්ග ගැනීම හැකි සෑම අවස්ථාවකම සීමා කළ යුතුය. රාති‍්‍රයේ අනවශ්‍ය ලෙස නිදිවැරීම සුදුසු නැත. අවේලාවේ දිය නෑම අගුණය. එනිසා උදෑසන දහයත් දහවල් දොළහත් අතර දිය නෑම සුදුසුය. ඉන් පෙනහළුවල කි‍්‍රයාකාරීත්වයටද වැඩි උපකාරයක් හිමිවේ.
 
 නිතර සෙම් රෝගවලින් පීඩා විඳින අය උදේ සවස මී පැණි බින්දුවක්, වැල්මී සමග ආහාරයට ගැනීම සුදුසුය.

පෙනහළු රැකගැනීමට ගත හැකි පියවර...
advertistmentadvertistment
advertistmentadvertistment