පෙම්වතියගේ කැමැත්ත ඇතිව  යෙහෙළියට අතවර කළ  සැකකාර තරුණයා අත්අඩංගුවට

1937

තම පෙම්වතියගේ කැමැත්ත මත පෙම්වතියගේ යෙහෙළිය වන බාලවයස්කාර පාසල් සිසුවියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපයෝජනය කර ස්ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් ඉකුත් 27 දා ව්‍යාපාරික තරුණයකු අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්මාන එක, කුමාරඑළිය, තලාව පදිංචි වයස අවුරුදු 24ක් වන ව්‍යාපාරික තරුණයකු බව පොලිසිය කියයි.

වින්දිත දැරියගේ මව ආර්ථික අපහසුතා හේතුවෙන් විදේශ රැකියාවකට ගොස් ඇති බවත් දැරිය තම පියා සහ මල්ලී සමග මිත්තණියගේ නිවෙසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

පසුගිය 25 වැනිදා දැරිය නිවසේ නොමැති බව පවසමින් මිත්තණිය තලාව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව එප්පාවල පොලිස් වසමේ කටියාව ප්‍රදේශයේ සිටිය දී එප්පාවල පොලිසිය භාරයට ගෙන තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවා වින්දිත දැරියගේ ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලිසිය කියයි.

වින්දිත දැරිය, තම හොඳම මිතුරියට පෙම්වතා හමුවීමට අවශ්‍ය වූ නිසා ඇයත් සමග කටියාව ප්‍රදේශයට ගොස් ඇති බවත්, එම අවස්ථාවේ දී තම යෙහෙළියගේ කැමැත්ත මත ඇගේ පෙම්වතා සමග සැකකරුගේ යහළුවකුගේ නිවසේ දී අඹුසැමියන් ලෙස හැසිරුණු බවත් කරන ලද ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. එම්. එම්. කේ. ලන්සක්කාර මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment