පොහොර බෙදිල්ලෙන් රජය ඉවත් වෙයි!

237

ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩසටහනින් ලබන වසරේ සිට රජය ඉවත්වීමට තීරණය කර ඇත.

පොහොර ලබාදීමේ වැඩපිළිවෙළට රජය මැදිහත් නොවී කරගෙන යාහැකි සැලසුමක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ගොවිජන සේවා කොමසාරිස්වරයාට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දැනුම්දී තිබේ.

යල කන්නයට අවශ්‍ය සියලුම වර්ගයේ පොහොර ලබාදීමට රජය මැදිහත් වන නමුත් ඉදිරියේදී ඉන් ඉවත් වන බවත් මෙහිදී සාගල රත්නායක මහතා පවසා ඇත. රජය විසින් ගොවි ජනතාව වෙත පොහොර ලබාදීමට අවශ්‍ය මුදල් ලබාදෙන බවත් රජය මැදිහත් වී ලබාගන්නා විදේශ ආධාර පොහොර ආනයනය කරන පෞද්ගලික අංශයේ ආයතන වෙත ලබාදී මිල අඩු කිරීමට මැදිහත් වන බවත් සාගල රත්නායක මහතා නිලධාරීන්ට දැනුම් දී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment