බංග්ලාදේශය ඖෂධ 54ක් දෙයි

436

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා බංගලිදේශ අගමැතිනියගෙන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතය.ඒ අනුව බංගලිදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු ඩොලර් 58,307 ක් වටිනා අදාළ ඖෂධ තොගය ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ පවතින ඖෂධ හිඟයට විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පෞද්ගලිකවම මැදිහත්වී එරට අගමැතිනියගෙන් කළ මෙම ඉල්ලීමට ඉතා කඩිනමින් සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ඖෂධ තොගය මෙරටට ලැබීමට අවශ්‍ය පියවර ගැනිණි.එම ඖෂධ අතර පිළිකා , වකුගඩු ඇතුළු මේ මොහොතේ මෙරටට අත්‍යවශ්‍යම ඖෂධ රැසක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment