තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් වෙච්ච දෙයක්!

2954

මොහු දාහත් හැවිරිදි තරුණයෙකි. ඉගෙන ගැනීමට දක්‍ෂ වුවත් ජංගම දුරකථනයටත් අන්තර් ජාලයටත් ඇබ්බැහි වූ ඔහු අවසානයේ දී නරක මිතුරන් ඇසුරට වැටී අයිස් මත්ද්‍රව්‍යවලට ලොල් වී ගියේ පවුලේ බලාපොරොත්තු සුන් කරමිනි.

 මතට ලොල් වූ ඔහු මවටත් පියාටත් වද දෙන්නට ගත්තේ මුදල් ඉල්ලමිනි.

 මුදල් අත නොමැති වූ නිසාම ඔහු කොළඹට නුදුරු හෝටලයක සුළු සුළු වැඩ කරන්නට පොටක් පාදා ගත්තේ ඔය අතරය.

 හෝටලයේ කාරමත් අවට පරිසරයත් ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතු කරගෙන යද්දී ඔහුට කදිම සැලසමුක් සිහිවිය.

 ඔහු කුඩා කැමරාවක් ගෙන හෝටල් කාමරයක සවි කළේය. ජංගම දුරකථනයට එහි දර්ශන සම්බන්ධ කරගත් ඔහු බලා සිටියේ මේ උගුලට යමෙකු හසුවන තුරුය.

 දිනය උදාවිය කාමරයට ආවේ විවාහක මැදි වයසේ අයෙකි. ඔහුගේ අතගෙන සිටියේ තුරුණු වියේ සිටි තරුණියකි. මෝටර් රථයකින් හෝටලයට පැමිණ ආපසු යනතුරු සිදුවූ සියල්ල වීඩියෝ ගත කළ තරුණයා ඊළ`ග පියවර තැබුවේය. මහත්තයා ඔයා ගැන සියලූ තොරතුරු මම දන්නවා නෝනා දරුවො දෙන්න හොඳින්ද? අර අනෙක් ලස්සන තරුණිය හොඳින්ද ඒත් නරක දේ තමයි අර හෝටලයට ගිය එක. ඔන්න ඒ වීඩියෝ එකේ කොටසක් වට්ස්ඇප් කළා. තරුණයා කී දෙයින් ඔහුගේ දෙපා අප‍්‍රාණික විය.

 මොනවද තමුසෙට ඕනේ ඒ පුද්ගලයා විමසීය.

 රුපියල් 25,000ක් හොඳටම ඇති. 25,000ක් ලැබිණි. දින කිහිපයක් ගතවිය. යළිත් බ්ලැක්මේල් ඇමතුම ලැබිණි. එවර මදුල 10,000 කි. තුන්වන වරටත් ඇමතුම ලැබිණි. අවසානයේදී ඔහු මේ බව පොලිසියට කීවේ ගැලවීමක් නොමැති තැනය. දෙදෙනාම පොලිසියට කැඳවූයේ ඊට පසුවය. විඩියෝ පටය මකාදමා වැඬේ ගොඩින් බේරා ගන්නට දෙදරු පියාට සිදුවූයේ නිවසේ සිටින බිරිඳගේත් දරු දෙදෙනාගෙන් මූණේ දැලි ගෑවෙන බව දැනුණ නිසාය.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment