බාල ඔක්සි මිටර් විකිණීමට ගිය අය දැලේ

162

ප්‍රමිතියෙන් තොර ඔක්සි මිටර් 19ක් අලෙවි කිරිම සඳහා ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් විසින් ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ දඅත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගෙන ඇත්තේ වැකුණගොඩ පදිංචි 27හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අන්තර් ජාලය හරහා ව්‍යාජ ඔක්සි මිටර් අලෙවි කිරිම සඳහා සුදානම්වන බවට ලැබුන තොරතුරක් අනුව අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම ඔක්සි මිටර් ජාතික ඖෂධ නියාමන අධිකාරියට යැවිමෙන් පසු ලැබෙන උපදෙස් පරිදි සැකකරුට එරෙහිව නිතිමය පියවර ගැනිමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment