මහ වැසි සුළං ජන දිවිය කළඹයි – දිස්ත්‍රික්ක 4කට නාය අවදානම් නිවේදන

196

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ඊයේ (03 දා) දිනයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ගස් කඩා වැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබුණි. අදින් (4 දා) පසු වර්ෂාවේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

මහ වැසි සුළං ජන දිවිය කළඹයි - දිස්ත්‍රික්ක 4කට නාය අවදානම් නිවේදන

ඊයේ පෙරවරුවේ කොළඹ ප්‍රධාන වර්ෂාපතන මානයට මිලි මීටර් 74.3 ක් වාර්තා වන විට කොළඹ කොටුව වර්ෂාපතන මානයට මිලි මීටර් 90.9 ක් වාර්තා වී තිබූ බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ ජනක කුමාර මහතා පැවසීය.

ඊයේ පෙරවරු 9.00 වන විට කොළඹට අමතරව කළුතර, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලින් දැඩි වර්ෂාපතනයක් වාර්තාවී තිබුණි. කළුතර පාහියන්ගල ප්‍රදේශයට මිලි මීටර් 93.00 ක්ද, රත්නපුර ගෙට්ටුකන්ද ප්‍රදේශයට මිලි මීටර් 85.50 ක්ද, ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයට මිලි මීටර් 84.50 ක්ද, මාතර කළුබෝවිටිය ප්‍රදේශයට මිලි මීටර් 84.25 ක්ද, ගාල්ල උඩුගම ප්‍රදේශයට මිලි මීටර් 77.00 ක්ද, මාතර කූඩලුදෙනිය ප්‍රදේශයට මිලි මීටර් 75.50 ක්ද, කළුතර බුලත්කොහුපිටිය ප්‍රදේශයට මිලි මීටර් 73.50 ක්ද, ගාල්ල නෙළුව ප්‍රදේශයට මිලි මීටර් 72.75 ක්ද, මාතර අකුරැස්ස ප්‍රදේශයට මිලි මීටර් 66.50 ක්ද, ගාල්ල නාගොඩ ප්‍රදේශයට මිලි මීටර් 64.00 ක්ද, කළුතර හල්වල ප්‍රදේශයට මිලි මීටර් 61.00 ක්ද වශයෙන් වාර්තාවී තිබේ. වැඩිම වර්ෂාපතනය වූ මිලි මීටර් 106.3 ක් ලබුගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇත.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවත් ධීවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ජනක කුමාර මහතා ඉල්ලා සිටී.

ගිං, කළු සහ නිල්වලා යන ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් තිබූ අතර ඉන් එම ගංඟා ආශ්‍රිත පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී තිබූ බව වාර්තා විය. කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට විශාල ගසක් මාර්ගයට කඩා වැටී තිබූ අතර එම ගස කපා ඉවත් කරන තෙක් දැඩි මාර්ග තදබදයක් හටගෙන තිබුණි. වැල්ලවාය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට බලපෑම් එල්ලවී තිබූ බවද වාර්තා විය.

අධික වැසි තත්ත්වයත් සමග ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයද ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑම් දෙවැනි අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණි. ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ යන ප්‍රද්ශවලටත් කළුතර පාලින්දනුවර, මතුගම, වලල්ලාවිට ප්‍රදේශවලටත්, කෑගල්ල බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශවලටත්, රත්නපුර කිරිඇල්ල, අයගම, කලවාන යන ප්‍රදේශවලටත් අවදානම් නිවේදන නිකුත් කර තිබුණි.

පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තු වන බවත් අනිද්දා (6 දා) සිට වර්ෂාපතනයේ තවත් අඩුවීමක් දක්නට තියෙන බවත් ජනක කුමාර මහතා පැවසීය.

අධික වර්ෂාපතනයක් වාර්තා වුවත් ඊයේ සවස් වන තෙක් ආපදා තත්ත්වයන් වාර්තාවී නොතිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ අතර ජාඇල ප්‍රදේශයට ඊයේ (03දා) ඇද හැ ̈ණ තද සුළං සහිත වැසි සමඟ ජාඇල ගනේමුල්ල මාර්ගයේ පිහිටි වික්ෂෝප දේවස්ථානයේ භූමියේ කොහොඹ ගසක් කඩා වැටී එම භූමියේ නවතා තිබූ වාහන 5 කට අලාභ හානි සිදුව ඇති අතර ඉන් වාහන දෙකකට දැඩි අලාභ හානි සිදුව ඇති බව ජාඇල පොලිසිය පවසයි.දේවස්ථානයේ ප්‍රධාන පියතුමා වන රන්ජන් ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ දේවස්ථානයේ උදෑසන දේව මෙහෙය පවත්වමින් තිබූ අවස්ථාවේ දේවස්ථාන පරිශ්‍රයේ පිටුපස රථවාහන ගාල් කරන කොටසේ තිබූ වසර ගණනක් පැරණි කොහොඹ ගස කඩාවැටී මෙම අනතුර සිදුවූ බවය.පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් ද ඊයේ විවෘත කෙරිණි. තප්පරයට ඝන අඩි 1500 ක් වික්ටෝරියා ජලාශයට මුදාහැරීම ඊයේ ඇරඹිණි


චමින්ද සිල්වා, ප්‍රදීප් ජයසේකර – කොටුව, ඡායා – සමන් රණවීර, බී.ටී.කේ ජා-ඇල

advertistmentadvertistment
advertistmentadvertistment