මාණ්ඩලික ලේබලය ඇලවුවත් විදුහල්පතිවරුන්ට උත්සව අත්තිකාරම් අහිමි කරලා – විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය

96

විදුහල්පතිවරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ට ඉතිහාසයේ ප්‍රථම වරට උත්සව අත්තිකාරම් ලබා නොදී අවුරුදු සැමරීම සිහිනයක් කර ඇතැයි, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය චෝදනා කරයි.

ලක්ෂ 15 ක පමණ රාජ්‍ය සේවකයින්ට මේ වනවිට උත්සව අත්තිකාරම් ලබාදී ඇතත්, පහළොස් දහසක් පමණ වන විදුහල්පතිවරුන්ට එය ලබාදී නැත්තේ සූර්ය මංගල්‍යය සැමරීම විදුහල්පතිවරුන් අතහැර සිදු කිරීමට දැයි එම සංගමය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කරයි.

වාහන බලපත්‍රයක් පවා හිමිව තිබූ විදුහල්පති සේවයට අද මාණ්ඩලික ලේබලය අලවා ඇතත් වරප්‍රසාද ලබාදීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් පසුගිය අධ්‍යාපන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇමැති අනුකමිටුව විසින් නැවතත් විදුහල්පතිවරුන්ට මාණ්ඩලික වරප්‍රසාද ලබාදෙන ලෙස යෝජනා කර තිබුණත්, නිලධාරීන්ගේ උනන්දුවක් නොමැති කමින් විදුහල්පතිවරුන්ට කුඩම්මාගේ සැළකිළි විඳින්නට සිදුව ඇති බවත් විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම්, වසන්ත වීරක්කොඩි මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment