මැණික් ගඟේ දිය නෑ හිමි කිඹුල් ප්‍රහාරයෙන් අනූනවයෙන් දිවි බේරාගනී

237

අතේ ඇඟිල්ලක් කා පිටත් පහුරු ගාලා

බේරුවල ප්‍රදේශයේ වන්දනා කණ්ඩායමක් සමඟ කතරගම පුදබිමට පැමිණි ස්වාමීන් වහන්සේ නමක් කතරගම දේවාලයට පිවිසෙන දෙවන පාලම අසල මැණික් ගඟේ ස්නානය කරමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්ව උන්වහන්සේගේ අතට සහ පිට ප්‍රදේශයේ තුවාල සිදුවී ඇත.

ස්වාමීන් වහන්සේ දියනාමින් සිටියදී දිය යටින් පැමිණ ඇති කිඹුලා උන්වහන්සේගේ පිට ප්‍රදේශය පහුරු ගා ඇති අතර එය වැළැක්වීමට උත්සාහ කිරීමේදී හිමිනමගේ අතේ ඇඟිලි සපාකෑමෙන් තුවාල සිදුවී ඇත.

ඒ අසල සිටි පිරිස් ස්වාමීන් වහන්සේ කතරගම දිසා රෝහලට ඇතුළත් කර ඇත.

බේරුවල බේරුවත්ත පාර ශ්‍රී විජයාරාමවාසී සීගිරියේ සද්ධාතිස්ස (24) නමැති හිමිනම මෙසේ තුවාල ලබා ඇත. කතරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment