මිණිබිරිය රැකගන්න මිත්තණිය පිහිටක් පතයි

93

රුග්ගහවිල, උඩුගොඩ ප්‍රදේශයේ පදිංචි අසරණ මිත්තණියක් සහ සීයා කෙනෙක් තම මිණිබිරිය සමඟ ජීවත් වන්නේ අගහිගකම් රැසක් මධ්‍යයේය.

ඔවුන් ජීවත්වන කටුමැටි ගැසූ කුලී නිවෙසේ දොර ජැනෙල් නොමැති වීම නිසා දැරිය රාත්‍රී කාලයේ දී මෙම නිවස තුළ තබා ගැනීමට ද නොහැකිව අසරණ භාවයට පත්ව ඇත. බොහෝ දිනවලදී වයස අවුරුදු දාහතරක් වූ තාම මිණිබිරිය රාත්‍රී කාලයට නවාතැන් ගන්නේ වෙනත් ඥාති නිවසක ය.

මෙම දැරියගේ මව සහ පියා වසර ගණනාවකට පෙර දරුවන් අත්හැර දමා ගොස් ඇත. දරියගේ රැකවරණයට සිටින සීයා අංශභාගය රෝගයෙන් පෙළෙන අතර මිත්තණිය ද රෝගීව

සිටින බැවින් ඔවුනට රැකියාවක් කරගැනීමට නොහැකි වී සිටී.

කටු මැටි ගෑ නිවෙසේ වහළයට අබලන් වූ තහඩු සෙවිලි කර ඇති අතර වැසි දින වලදී නිවෙස තුළ වාසය කිරීමට නොහැකි වී ඇත.

මෙම ප්‍රදේශයේ බොහෝ පවුල් සඳහා සමෘද්ධි දිමනාව ලබා දී ඇති නමුත් අගහිගකම් රැසක් මැද ජීවිකාව ගෙන යන මෙම අසරණ පවුලට සමෘද්ධියවත් නොලැබීම කනගාටුවට කරුණකි. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සිය අගහිගකම් පිළිබඳ වසර ගණනාවක සිට පවසා සිටියත් ඉන් කිසිදු පලක් වී නැත.

මිණිබිරිය රැකබලා ගනිමින් ජීවත්වීමට අවශ්‍ය නිවෙසක් ලබා දීමට හැකියාවක් ඇති අයකුගේ උපකාරය මොවුන් ගේ එකම බලාපොරොත්තුවයි.
වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment